spot_img
spot_imgspot_img

වරාය‍ේ හිරවී තිබූ සහල් තොගයක් මුදාහැරීමට තීරණයක්

පුවත්

විදෙස්

රේගුව විසින් වසර ගණනාවක සිට වරායේ රඳවාගෙන ඇති කන්ටේනර් තොගයක ඇති සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 10ක් මුදාහැරීමට තීරණය කළ බව ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඊයේ (12) සවස කොළඹ වරායේ සහ රේගුවේ නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවක දී මේ බව තීරණය කර තිබේ.

ඔහු පවසන්නේ ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක එම සහල් තොගය අඩංගු වන බවයි.

දැනට රේගුව මඟින් එහි රඳවාගෙන ඇති කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුවලින් තොරව මුදාහැරිමට මෙහිදී තීරණය කළ බව ද රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!