spot_img
spot_img

නිරෝගී දරුවන් දැයට බිහි කිරීමට “HNB ඔබ වෙනුවෙන් අපි” සත්කාරය

පුවත්

විදෙස්

නිරෝගී බුද්ධිමත් දරුවකු බලාපොරොත්තු වන්නේ නම් ගර්භනී කාලයේ දී මවගේත් කුසෙහි සිටින දරුවාගේත් පෝෂණය ඉතාමත් වැදගත් බැවින් ආර්ථික අපහසුතා කොතෙක් තිබුණ ද ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙස ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත උබේසේකර ගාල්ලේ ගැබිනි කාන්තාවන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ ය.

ඔහු මේ බව කීවේ පසුගිය දා හැටන් නැෂනල් බැංකුව විසින් ආරම්භ කරන ලද “HNB ඔබ වෙනුවෙන් අපි” වැඩසටහනේ දී විශේෂ ‍අදහස් දැක්වීමක් සිදුකරමිනි.

“HNB ඔබ වෙනුවෙන් අපි” වැඩසටන මගින් දිවයින පුරා අඩු ආදායම් ලාභී ගැබිනි කාන්තාවන් සඳහා වියළි ආහාර ඇතුළත් පෝෂණ මල්ලක් ලබා දීම සිදුකරයි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ගැබිනි කාන්තාවන් සඳහා එම පෝෂණ මල්ල ලබා දීමේ දී වෛද්‍ය උබේ‍සේකර මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේ ද කීවේය.

“වෛද්‍ය විද්‍යාව අනුව ගර්භනී කාන්තාවන්ගේ පෝෂණය මාස තුනෙන් තුනට කාර්තු තුනකට වෙන්කරනවා. පළමු කාර්තුවේ දී දරු කලලය ඉතාමත් කුඩා නිසා මවගේ පෝෂණය ගැන තමයි උපරිම අවධානය යොමු කරන්නේ. දෙවැනි සහ තුන්වැනි කාර්තුවේ දී කලලය හොඳින් වර්ධනය වන නිසා මවගේ විතරක් නෙවෙයි කුසේ සිටින දරුවාගේ පෝෂණය ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ, අපි විශේෂයෙන් ම ඒ සඳහා කාබෝහිඩ්රේඩ්, ප්‍රෝටීන් සහ මේදය කියන ප්‍රධාන කොටස් තුන ආහාරයට එක්කර ගත යුතුයි. මම විටමින් සහ ඛනිජ ගැන විශේෂයෙන් මතක් කරන්නේ නැහැ. මොකද මේ පෝෂණය හොඳින් ලැබෙනවානම් විටමින් කොහොමත් ලැබෙනවා. දැන් ඇතැම් මව්වරු තිරිඟු පිටි ආහාර ගන්නවා. බත් කෑම ඇතැම් අයගේ අඩුයි. නමුත් අපි නිර්දේශ කරන්නේ ප්‍රධාන ආාහාරය ලෙස බත්, අල, ධාන්‍ය වර්ග එකතුකරගන්න කියලා. කහ පැහැති එළවළු සහ පළතුරු ආහාරයට ගැනීමත් අවශ්‍යයි. ඒ වගේ ම දඹළ පලාවර්ග වැනි කොළ පැහැති ආහාරත් අත්‍යාවශ්‍ය වෙනවා. අපි දන්නවා දැන් ආහාර මිල ඉහළයි. දරුවටත් දරුගැබ දරාගෙන ඉන්න අම්මටත් අවශ්‍ය එළවළු ටික ගෙදර මිදුලේ වවාගන්න පුළුවන්. මස් මාළු ආහාරයට අවශ්‍යයි. එය මිල අධික බව ඇත්ත. නමුත්, අඩුම ගණනේ දවසකට එක බිත්තරයක් හෝ ආහාරයට එකතුකර ගන්න ඕනෑ.”

හැටන් නැෂනල් බැංකුව “HNB ඔබ වෙනුවෙන් අපි” ව්‍යාපෘතිය මගින් උතුම් මාතෘත්වයට පිය නගන මව්වරුන් සඳහා වියළි ආහාර ඇතුළු පෝෂණ මල්ලක් පිරිනැමීමට අමතරව අලුත උපන් බිලිඳාට රුපියල් 1,000.00ක තැන්පතුවක් සමඟ “HNB සිඟිති කිරි කැටියෝ” ගිණුමක් ද පරිත්‍යාග කරනු ලබයි. එය මේ අවස්ථාවේ දී ම ලබා දුන් අතර දරුවන් ඉපදීමෙන් පසු දරුවාගේ උප්පැන්න සහතිකය ඉදිරිපත් කර ළඟ ම පිහිටි HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙන් දරුවාගේ “HNB සිඟිති කිරි කැටියෝ” ගිණුම ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!