spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 29,550 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,498 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 07ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,951  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 364
  • එක්ස් පැක් සමාගම රුපියල් මිලියන 363
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 239

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 67
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 28
  • එක්ස් පැක් සමාගම කොටස් මිලියන 21

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 33%
  • එස්එන්බී ලීසිං සමාගම 22%
  • නේෂන් ලංකා සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 20ක් රුපියල් 8.40 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 06ක් රුපියල් 85.00 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 567,000ක් රුපියල් 138.00 බැගින්
  • ලංකා වෝල්ටයිල් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 82.50 බැගින්
  • එක්ස් පැක් සමාගම කොටස් ලක්ෂ 37ක් රුපියල් 17.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 283.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 428
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 237
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 191

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 139ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 94ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 45ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 79
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 16
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 14

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 74
  • රේණුක ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 03
  • ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!