spot_img
spot_imgspot_img

දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසර සංවර්ධනය සඳහා ලොකු වගකීමක් ශ්‍රී ලංකාවට පැවරෙයි

පුවත්

විදෙස්

ආසියා පැසිෆික් කලාපයේ තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරනු ලබන පළාත් පාලන ආයතන හා නාගරික පර්ශවකරුවන්ගේ එකමුතව මගින් ක්‍රියාත්මක “දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර සංවර්ධන අරමුණු” වෙනුවෙන් වූ “SDG Cluster” සහ “Climate Cluster” කමිටු දෙකෙහිම උප නායකත්ය ශ්‍රී ලංකාවේ HELP-O ආයතනයට හිමිව තිබේ.

ආසියානු පැසිෆික් කලාපයේ රටවල ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් වල අත්දැකීම් සියලු රටවල් අතර හුවමාරු කර ගැනීම මෙන්ම එක් එක් නගර වශයෙන් ඵලදායි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් දියත් කිරීම මෙම කමිටු හරහා සිදු කිරීමට අපේක්ෂිතය.

මෙම කමිටු දෙකෙහි උප නායකත්වය සඳහා තෝරා පත් කර ගැනීමට අදාළ සහතික පත්‍ර පිරිනැමීම CityNet ආයතනයේ විශේෂ උපදේශක මේරි ජේන් මහත්මිය අතින් සිදු වූ අතර එම අවස්ථාව සඳහා කොළඹ පුරපතිනි රෝසි සේනානායක ද සහභාගී වූවාය.

ආසියා ෆැසිෆික් කලාපයේ තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරනු ලබන පළාත් පාලන ආයතන හා  නාගරික පාර්ශවකරුවන්ගේ විශාලතම එකමුතුව  CityNet ආයතනයයි. වසර 1987 දී ආරම්හ කෙරුණු එහි 09 වන සැසි වාරය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!