spot_img
spot_imgspot_img

සේවක සේවිකාවන්ට පොලු තැබූ ආයතන දහස් ගණනකට වැඩ වරදී

පුවත්

විදෙස්

කම්කරු නීති කඩකළ ආයතන 1,700ක් සඳහා අවසන් රතු නිවේදනය නිකුත් කර ඇති බවත් ආයතන 8,700කට එරෙහිව නිවේදන නිකුත් කර ඇති බවත් කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

එහි කෙමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසන්නේ 2021 වර්ෂයේ දී පමණක් එතරම් ආයතන සංඛ්‍යාවකට නිවේදන නිකුත් කළ බවයි. ඔවුන් තම සේවක සේවිකාවන් සඳහා අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් එම දැනුම් දීම් සිදුකර ඇත.

මේ අතර 2021 වර්ෂයේ දී අර්ථ සාධඛ අරමුදල් නොගෙවීම් සම්බන්ධ නඩු 769ක් පවරා තිබූ අතර ඉන් 338ක් විසඳා තිබිණි.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මේ වනවිට අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධ නඩු 9,000ක් පමණ විවිධ ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙමින් පවතින බවයි.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ අර්ථසාධක අරමුදල් සංශෝධන පනත හේතුවෙන් සේවකයන්ට තම ගැටලු විසඳා ගැනීම පහසුවක් වී ඇති බවයි.

නව පනත අනුව සේව්‍යයාට අරමුදල් ගෙවන ලෙස කරනු ලබන නියෝගයන්ට එරෙහි ව රීට් ආඥාවක් ලබාගෙන ඉහළ අධිකරණයක් කරා යන්නේ නම් අදාළ සේව්‍යයා විසින් සේවකයාට ගෙවිය යුතු අර්ථසාධක අරමුදල කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත තැන්පත් කළ යුතුය. ඒ අනුව සේවකයාට ගෙවීමට සිදුවන මුදලට අධිභාරය හා පොළිය ද සමඟඑම මුදල සම්පූර්ණයෙන් ම හිමිවෙයි.

පෙර පැවති ක්‍රමය වන්නේ අධිකරණයේ නඩු ගොනුකර තීන්දුව පැමිණීමේන පසු එලෙස මුදල් ගෙවීමට ආයතන කටයුතු කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!