කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 35,254ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,108 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 36කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,330ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,157
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 367
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 260
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 26
- ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 09
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
- දංකොටුව පෝසිලේන් සමාගම සමාගම 28%
- නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම 24%
සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු
- කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාමේ කොටස් මිලියන 7.3 රුපියල් 24.60 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 423
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 276
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 93ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 197ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 104ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 34
- හේලීස් සමාගම රුපියල් මිලියන 11
- තලවකැලේ වැවිලිි සමාගම රුපියල් මිලියන 05
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 103
- එලිෆන්ට් හවුස් සමාගම කොටස් මිලියන 42
- ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ