spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩ වර්ධනයක් පෙන්වයි

පුවත්

විදෙස්

ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ හා සේවා අපනයන සමාගම් අධික ලාභ ලැබීමත්, එම සමාගම් මේ දිනවල සිය ලාභාංශ නිකුත් කිරීටම කටයුතු කිරීමත් හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ දින 13ක කාලයක් අඛණ්ඩ වර්ධනයක් අත්පත් කරගෙන ඇත.

පසුගිය මාස කිහිපයක් ම ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු කොළඹ කොටස් වෙළෙඳ පොළ ‍මේ වනවිට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවා ඇති අතර මෙම සතියේ ද එය අඛණ්ඩ වර්ධනයක්  පෙන්වනු ඇතැයි විශ්වාසය පළ කිරීමට හැකියාව ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (15) දිනයේ ගනුදෙනු 51,086 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,829ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 164කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,191ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,081
  • බ්‍රවුුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 538
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 499

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 60
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 25
  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 23

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඊස්ටන් මර්ජන්ට් සමාගම 27%
  • අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගම 25%
  • සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගම 25%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 439
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 297
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 179

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 119ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 237 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 118ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 29
  • අලුමැක්ස් සමාගම රුපියල් මිලියන 12
  • හේමාස් සමාගම රුපියල් මිලියන 09

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප්  සමාගම රුපියල් මිලියන 142
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 31
  • හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 13

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!