spot_img
spot_imgspot_img

සංවර්ධන නිලධාරිනියට පහරදුන් පොහොට්ටු නියෝජිතයාට අධිකරණයෙන් ඇප දෙයි

පුවත්

විදෙස්

ඉන්ධන පිරවුම්හළක දී QR කේත පරීක්ෂා කරමින් සිටි සංවර්ධන නිලධාරිනියකට පහර දුන් ප්‍රාදේශීය සභා නියෝජිතයා රුපියල් 100,000.00 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අත්තනගල්ල අධිකරණය කටයුතු  කර තිබේ.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයකු වන තරංග ජයසිංහ නමැති අයෙකි.

ඔහු පසුගිය 12 වැනි දා බාඳුරාගොඩ ඉන්ධන පිරවුම්හළේ දී, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියකට පහර දී පළාගොස් තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කළ පසු අද (15) ඔහු පල්ලෙවෙළ පොලිසියට පැමිණ බාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මන්ත්‍රීවරයා ඇයට පහරදෙන ආකාරය ඉන්ධන පිරවුම්හළේ සීසීටීවී කැමරාවල ද සටහන්ව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!