spot_img
spot_imgspot_img

චීන නැවට ශ්‍රී ලංකාවට එන්න අවසර ලැබුණු හැටි මෙන්න

පුවත්

විදෙස්

චීනයේ “යුවාන් වැන්ග් – 5” නෞකාවට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමට සහ හම්බන්තොට වරායට පැමිණීමට අවසර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

චීනයේ විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 11-17 අතර කාලයේ හම්බන්තොට වරායට ඇතුළුවීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙසත් ජුනි 28 දැනුම් දී තිබිණි.

ඒ බව දන්වා ඇත්තේ මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ තානාපපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික සටහන්ක මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා තිබිණි.

එම නැව හම්බන්තොට වරායට පැමිණීමේ දී කාර්ය මණ්ඩල හුවමාරු කිරීමක් සිදු නොවන බවත් දන්වා තිබිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම ඉල්ලීම රජයේ අදාළ පාර්ශ්වකරුවන් වන ආරක්ෂක අමාත්‍යාශය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) යොමුකර ඇත.

ඒ අනුව අදාල නිෂ්කාශනය ජූලි 07 වැනි දින ලැබීමෙන් පසුව සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතින් විරෝධතා නොමැති බවට ලිපියක් ලැබීමෙන් අනතුරුව, එම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සඳහා අමාත්‍යාංශය විසින් මහජන චීන සමුහාණ්ඩුවේ කානයකි කාර්යාලය වෙත 2022 ජූලි 12 වැනි දිග රාජ්‍ය මට්ටමේ අවසරය ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ දී ස්වයංක්‍රිය සඳඳුනාගැනීමේ පද්ධතිය (AIS) ක්‍රියාත්මක කර කබා ගැනීම සහ ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණ සිදු නොකළ යුතු බවට ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවධාරණය කරන ලද කොන්දේසි ද චීන නෞකාව වෙත දැනුම් දී ඇත.

එසේ වුව ද  මෙම නෞකාවේ පැමණීමෙන් ඇතිවිය හැකි ගැටලු සැළකිල්ලට ගනිමින් එය හම්බන්තොට වරායට පැමිණීම ප්‍රතික්ෂේප කරන්න යැයි ශ්‍රී ලංකා රජය අගෝස්ත 01 වැනි දා ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්  ද කර තිබිණි.

අවශ්‍ය  සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර රාජ්‍යයන් අතර ඇති සමානාත්මතාවයේ මූලධර්මයට අනුකූලව, මිත්‍රත්වයෙන්, අන්‍යෝන්‍ය විශ්වාසයකින් සහ නිර්මාණාත්මක සංවාදයක් තුළින් මෙම ගැටළුව විසඳා ගැනීමේ අරමුණින් යුතුව, රජය එතැන් සිට, රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අදාළ සියලු පාර්ශ්ව සමඟ ඉහළ මට්ටමින් පුළුල් උපදේශනවල නිරත වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

යුවාන් වැන්ග් 5 නෞකාව 2022 අගෝස්තු 16 වන දින හම්බන්තොට වරායට පැමිණීමට නියමික බවත්, 2022 අගෝස්තු 16-22 යන දින දක්වා එහි රැඳී සිටීමට අපේක්ෂා කරන බවත්, මහජන චීන සමූහාණ්ඩුවේ කානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික සටහනක් හරහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

මෙම කරුණු සියල්ල නැවත සළකා බැලීමෙන් අනතුරුව, 2022 අගෝස්තු 13 වැනි දින මහජන චීන සමුහාණ්ඩුවේ තානාපති කාර්යාලය වෙත එම නැවට පැමිණීමට අවශ්‍ය නිෂ්කාශනය ලබා දී ඇත.

සියලුම රටවල් සමඟ සහයෝගීතාවය සහ මිත්‍රත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව යළි අවධාරණය කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරන බව දැනුම් දී ඇත. එබැවින් අසල්වැසි රටවල ආරක්ෂාව සහ සහයෝගීතාවය අතිශයින්ම ප්‍රමුඛ කරුණක් බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!