spot_img

රවී කරුණානායක හෙලිකොප්ටර් ගමන ගැන කියයි

පුවත්

විදෙස්

තමන් හෙලිකොප්ටරයකින් මන්නාරමට ගියේ රටට ඩොලර් ගෙන ඒමේ ව්‍යාපෘතියක් සඳහා බවත් මන්ත්‍රීධූරයක නොමැති තමන් හෙලිකොප්ටරයකින් යෑම කාටවත් ප්‍රශ්නයක් නොවිය යුතු බවත් රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා පවසයි.

පසුගිය දා කොළඹ සිට මන්නාරමට හෙළි කොප්ටරයකින් ගිය රවී කරුණානායක පිළිගැනීමට මත්ස්‍ය අපනයන ව්‍යාපෘතියකට සම්බන්ධ පිරිසක් පැමිණ තිබිණි.

අද (06) ඔහු මේ බව කියා සිටියේ උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් 4,000කට සතොස වවුචර් ප්‍රදානය කිරීමේ රැස්වීමක දී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“ඇයි මට යන්න බැරිද ? මම ආණ්ඩුවේ නැහැනේ. ඉතින් මට ඕන දෙයක් කරන්න පුළුවන්. මම ආයෝජකයන් සමඟ ගිහින් රටට ඩොලර් එකතු කරන්න හදනවා. ඒකත් කුහක කමින් බලන්න එපා. මාධ්‍ය මේවා තේරුම්ගත යුතුයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles