spot_img
spot_imgspot_img

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉදිරිපත් වූ යෝජනා, සියලු දෙනා අතට පත්කරයි

පුවත්

විදෙස්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ දී ඉදිරිපත් වූ යෝජනා සියල්ල පොදු ලේඛනයක් ලෙස සඳුදා (08) සියලු පක්ෂ වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීමට නම් එහි යහපත් අරමුණු සමඟ සියලු දෙනා ඒකරාශී වීම අවශ්‍ය බව ද ජනාධිපතිවරයා කීවේය.

ඔහු මේ කරුණු කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ය.

19  වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු ඇතුළත් කරමින් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමටත් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවත් එහි දී දීර්ඝව සාක්චඡා කළ බවත් තමන් සමඟ සාකච්ඡාවට පැමිණි අරගලයේ පාර්ශව කරුවන් ද ඉතාමත් සාධනීය කරුණු ඉදිරිපත් කළ බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

“අර‍ගලයේ ඇතැම් අය ප්‍රචණ්ඩව කටයුතු කරනවා. අපිටත් විරුද්ධ අය ඉන්නවා. ඉතින් මේ මතවාද සියල්ල අතරින් හොඳ දේවල් අරගෙන අපි ඉදිරියට යා යුතුයි. හැමෝම ප්‍රචණ්ඩ නැහැ. ඇතැම් පාර්ශව අප සමඟ කීවා ප්‍රචණ්ඩත්වය නිසා ඔවුන් අරගලයෙන් ඉවත් වූ බව. අපි සියලුම දෙනාට ආරාධනා කරනවා මේ වෙලාවේ එකතු වෙලා හොඳ සහ අවශ්‍යම දේ කරමු කියලා. විරුද්ධ අදහස් තියෙන අයත් ඉන්නවා. අපි හැමෝම එකතු විය යුතුයි.” ජනාධිපතිවරයා පවසයි.

එමෙන් ම ඔහු වැඩිදුරටත් පවසන්නේ අරගලකරුවන් අතර ඉතාමත් නිර්මාණශීලී දක්ෂයන් සිටින බවයි.

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මෙතෙක් සාකච්ඡා සඳහා නොපැමිණි බවත් සර්ව පාක්ෂික ආණ්ඩුව සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!