පාර්ලිමේන්තුව අසළ විරෝධතාවක් මෙහෙයවමින් ගැටුම්කාරී තත්වයක් ඇතිකිරීමට මුල් වූවේ යැයි කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පැතුම් කර්නර් ලබන 04 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණාවල අද (29) නියෝග කළේය.
ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
උද්ඝෝෂණය අතරතුර යුද හමුදා නිලධාරීන්ගේ අවි පැහැර ගැනීමක් ද සිදුවී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයේ දී කීවේය.
සැකකරු ලබන 04 වැනි දා දක්වා රිමනාඩ් කර එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්න යැයි ද අධිකරණය නියෝග කළේය.