spot_img
spot_imgspot_img

“මළ කෝලම් නැතිව අවශ්‍ය කවුදැයි කියන්න” විමල්ගෙන් සැර කතාවක්

පුවත්

විදෙස්

අරගලකරුවන්ගේ ඉල්ලීම මළ කෝලමක් වී ඇති බවත්, ගෝ ‍හෝම් ගෝ හෝම් කිය කියා ඉන්නේ නැතිව ජනාධිපති කරන්න ඕනෑ කෙනා කවුරුන්ද කියා කියන ලෙස අද (27) විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ හදිසි නීතිය සම්බන්ධ විවාදයට එක් වෙමිනි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ගෝඨා ගෝ හෝම් කියල තමයි සටන පටන් ගත්තේ. ඒ ‍ගෝටා ගෝ හෝම් කියන සටනට සමාජයේ යම් කිසි අනුමැතියක් තිබුණා අර කියන පීඩාකාරී තත්වය හේතුකොට ගෙන සහ ඒවාට කඩිනම් විසඳුම් නොලැබෙන බව පෙනෙන කොට. ඒ හේතුව මත මහා ජන සන්නිපාතයක් විසින් ඒ අරගලය ගෙනිච්චා. හැබැයි ඉතින් ගෝඨා ගෝ හෝම්, අපි හිතුවේ ගෝඨා ගෝ හෝම් වුණාම එ්ක ඉවර වෙනවයි කියලා. දැන් බැලුවම එහෙම නෑ. දැන් මට කලින් මෙතන කතා කළා සරත් ෆොන්සේකා. ඊළඟ 09 එනවලු තව කෙනෙක්ව ගෙදර යවන්න.

එයා ගෙදර යැව්වම එතකොට දිනේෂ්ට සිද්ධ වෙයිලු ජනාධිපති වෙන්න. යකෝ මේක මල කෝලමක් නේ. ගෝඨා ගෝ හෝම්, ඊට පස්සේ රනිල් ගෝ හෝම්, ඊට පස්සේ දිනේෂ් ගෝ හෝම්, ඊට වඩා ලේසියි කාවද ඕනේ කියලා කියන්න. අපි එයාව ජනාධිපති කරමුකෝ මේ කරදරයෙන් බේරෙන්න. මේ රටට සාමයෙන් හුස්ම ගන්න ඕන නැද්ද ? මේ වෙන වැඩක් කරන්න ඕන නැද්ද. ගෝ හෝම් කිව්වම ගියා. දැන්වත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සටන් කරන්න දෙන්නේ නැද්ද ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!