spot_img
spot_imgspot_img

වඳුරු ප්‍රහාර හේතුවෙන් 42දෙනකුට තුවාල

පුවත්

විදෙස්

බොහෝ ප්‍රදේශ වල වර්ධනය වෙමින් පවතින වඳුරු ප්‍රහාර වැළැක්වීමේ උත්සාහයක් ලෙස වායු රයිෆල හඳුන්වා දීමට ජපාන පොලිසිය ක්‍රියාමාර්ග ගෙන තිබේ. පසුගිය සතිවලදී, යමගුචි නගරයේ ළමයින් සහ වැඩිහිටියන් ද ඇතුළුව පුද්ගලයින් 42 දෙනෙකු වඳුරු ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇතැයි පොලිසිය පෙන්වා දෙයි.

මෙම ප්‍රහාර බොහෝවිට ජපන් මැකාකි වර්ගයේ වඳුරන් විසින් සිදුකරන බව පැවසේ.

“කෙටි කාලයක් තුළ මෙතරම් ප්‍රහාර සිදුවීම අසාමාන්‍ය තත්ත්වයකි, මුලදී ළමයින්ට සහ කාන්තාවන්ට පමණක් පහර දී ඇත. මෑතක දී වයෝවෘද්ධ පුද්ගලයින් සහ වැඩිහිටි පිරිමින් ද ඉලක්ක කර ඇත.” නගරයේ නිලධාරියෙකු පැවසීය.

උගුල් යොදා සතුන් අල්ලා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ අතර ජූලි මස මුලදී සිදු වූ පළමු ප්‍රහාරයේ සිට ක්‍රියාත්මක වූ පොලිස් මුර සංචාර මෙම ප්‍රහාර වැලැක්වීමට අසමත් විය.

මෙම පහරදීම් එක රෞද්‍ර වඳුරෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ වැඩක්ද යන්න ගැන තොරතුරු සොයාබලන බව බලධාරීහු පවසති.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ පහර කෑමට ලක්වූවන්ගේ කකුල් සහ අත් සීරීම්, සපාකෑම්, බෙල්ල සහ බඩ සපාකෑම් දක්වා විවිධ අනතුරු සම්බන්ද තොරතුරු ලැබී ඇති බවයි.

දශක කිහිපයකට පෙර අවදානමට ලක්විය හැකි විශේෂයක් ලෙස සඳහන් වූ වූ ජපන් මැකාකි වඳුරන් සංඛ්‍යාව මෑතකදී බොහෝ සෙයින් වැඩි වී තිබේ. ඔවුන් දැන් ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් වෙනම විශේෂයක් ලෙස ලැයිස්තුගත කර ඇත.

මිනිසුන් සහ මැකාකි වඳුරන්ගේ වාසභූමි අතර දුර අඩුවීම මෙම ආක්‍රමණයන්ට හේතුවක් වියහැකි බවට අධ්‍යයනය කර ඇත. මැකාකි වඳුරන් කෙරෙහි සංස්කෘතික ආකල්ප වෙනස් කිරීම, මිනිස් හැසිරීම් වල වෙනස්කම් සහ වනාන්තර පරිසරයේ වෙනස්වීම් ද හේතු විය හැකි බව දක්වා ඇත.

https://www.bbc.com/news/world-asia-62292511

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!