spot_img
spot_imgspot_img

බණ්ඩාරනායක පිළිරුව අසළ දී පිරිසක් අත්අඩංගුවට. වස් සමාදන් වීම නිසා ඉවත්විය නොහැකියැයි හිමිවරු කියති

පුවත්

විදෙස්

අධිකරණ නියෝගය නොතකා කොළඹ ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි පුද්ගලයන් 04 දෙනකු අතඅඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අද (26) ඔවුන් හතර දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරනායක පිළිරුව සිටි ස්ථානයේ සිට මීටර 50ක ප්‍රදේශයක කිසිදු පුද්ගලයකු ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර තිබිණි.

මෙම ස්ථානයේ අද උදෑසන රැඳී සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඒ ආසන්න‍යේ සිටි අරගලකරුවන් සමඟ උණුසුම් තත්වයක්  ද ඇති වූ බව පොලිසිය පවසයි.

මෙම ස්ථානයට පොලිසිය පැමිණ එහි මීටර 50 සීමාව ලකුණු කරමින් අරගලකරුවන්ට එතැනින් ඉවත්වන ලෙස ඉල්ලීමක් ‍කළේය. ඒ අවස්ථාවේ දී එතැන සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කියා සිටියේ තමන්ට විහාරස්ථානවලට යාගත නොහැකිව එම ස්ථානයේ වස් සමාදන් වී සිටින බවයි. වස් සමාදන් වී සිටින බැවින් එතැනින් ඉවත්විය නොහැකියැයි ද කීහ.

කෙසේ වෙතත් බණ්ඩාරනායක පිළිරුවට කිසිවෙකුත් හානි නොකරන බවත් එබැවින් එතැනින් ඉවත්කිරීමට දී ඇති තීන්දුව අවලංගු කරන ලෙසත් ඉල්ලා මෝසමක් මගින් අධිකරණයට කරුණු වාර්තාකරන බව ද එතැන සිටි පිරිස් කීහ. පොලිසිය කියා සිටියේ ඒ කවර කරුණක් වුව ද දැනට ඇති අධිකරණ නියෝගය ක්‍රියාත්මක කළ යුතු බවයි.

එම ස්ථානයේ සවිකර තිබූ තාවකාලික කූඩාරම් ඉවත්කිරීමට මේ වනවිට අරගලකරුවන් කටයුතු කරම්න් සිටින බව ද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!