spot_img
spot_imgspot_img

දුම්රිය ප්‍රවේශ පත්‍ර අදත් නෑ

පුවත්

විදෙස්

දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීමට අද (24) දිනයේ දුමරිය මගීන්ට අවස්ථාවව ලැබී තිබේ.

එමෙන් ම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට තීරණය කර තිබේ.

දුම්රිය ගාස්තු සංශෝධනය ඊයේ (23) සිට ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ගැටලුවක් ඇති බව පවසමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසන්නේ වැඩි කළ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයේන විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

දුම්රිය ස්ානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ මෙම නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික ගැටලු රැසක් ඇතිවන බැවින් තම සාමාජිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹී ඇත්තේ පැපය 48ක් ඇතුළත එම ගැටලු නිරාකරණ්‍ය කර දෙන්න යැයි ඉල්ලමින් බවයි. එම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ ඊයේ (23) සවස 6.00 සිට බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!