චීන PCR යන්ත්‍රය සඳුදා සිට යළි වැඩට

0
84

ක්‍රියාවිරහිත වී තිබූ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයේ දෝෂය පැය 10ක පරිශ්‍රමකින් චීන විශේෂඥයන් කණ්ඩායම විසින් සොයාගෙන ඇතැයි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එහි ස්වයංක්‍රීය අණු නිස්සාරණය වීම අර්ධ වශයෙන් අපගමනය වී තිබූ බවත් ඊට හේතුව රසායනාගාරයේ පරිසර සාධක විය හැකි බවත් චීන විශේෂඥයන්ගේ විශ්වාසය වී ඇත.

කෙසේ වෙතත් යන්ත්‍රය 100%ක් ම යථා තත්ත්යට පත්කිරීම සඳාහ වට කිහිපයක් එය ක්‍රියාත්මක කරවිය යුතු බව ද එම ට්විටර් පණිවිඩයේ දක්වා ඇත. සඳුදා සිට නැවත සාමාන්‍ය පරිදි පීසීආර් පරීක්ෂණ සඳහා මෙම යන්ත්‍රය යොදා ගත හැකි බව ද චීන තානාපති කාර්යාලය පවසා ඇත.

(ඡායාරූප – චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here