“තවත් අල වෙන්න ඉස්සෙල්ලා කියවන්න” – වෛද්‍යවරියකගේ සටහනක්

0
513

(මෙහි කතුවරියගේ වචන කිසිවක් සංස්කරණය කර නැත)

මෙවර රැල්ල..

පෞද්ගලිකව නම් මට මෙවර රැල්ල ගුප්තය..

ගන්නා , සහ ගැනෙන ක්‍රියාමාර්ගද හරිමදෝයි සිතෙන්නේය .. (මට සිතෙන විදිහට හොඳේ)

Definition වලට අනූව නම් සමාජ ගත වී නැති බව පෙනේ.. ඒත් ඒ Definition එක හරිමද යන්න කිව නොහැකිය…

ඊයේ ප්‍රවුර්ති වලට ලංකාවේ සිතියමේ තැන් තැන් රතු තිත් ,කලාප පෙන්වා දී තිබුනි..

ඇත්තෙන්ම එය දුටු මගේ සිත ගැස්සී ගියේය..

එක්තරා අඳුරු චිත්‍රපටයක් (Contagion , world war Z වැනි ) බලන්නාක් මෙන් දැනුනි..

ටික ටික හෙමින් හෙමින් නොදැනීම වෛරසය පැතිර යනවාද සිතුනි..

කාටත් හොරා ඇස් වසා මව් බිම ගිල ගන්නවාද සිතුනි..

දැන් දැන් රෝගී ප්‍රමාණය , සුව වූ ප්‍රමාණයට වඩා වැඩිය..

දවසකට එක ගානේ මරණද වාර්තා වෙයි..

දවසට අනිවාර්යයෙන්ම 200 පන්නා රෝගීන්ද වාර්තා වෙයි..

ඒත් බුකී වාසීන් මෙන්ම , රටම ගල් ගිල්ලා වැනිය..

කලින් වතාවේ තරම් ගානක් නැති සේය .

ඔක්කෝම තමන්ගේ පොකුරේ නම උපන් මාසයට අනූව ශෙයා කරමින් හීන ආතල් එකක ගිලී සිටියි.

ඇඳිරිනීතිය නැති පෙදෙස් වල උන්ද වෙනම ආතල් එකකය …

උලව් ගෙවල් ,මඟුල් ගෙවල් , පාටි බාටි , ට්‍රිප් ඔක්කොම යති.. කිසිම පරිස්සමක් නැති ගානය..

තැන් තැන් වල කල්ලි ගැසී දේසපාලන , උද්ධමන කතාය !

අනේ මන්දාය !

තවත් ප්‍රමාද වන්නට පෙර එකක් කියමි..

දකින සියල්ල ඇත්ත නොවේ..

අසන සියල්ල ඇත්ත නොවේ..

X files එකේ මෙන් ..”Truth is out there” ය

එනිසා

ඇස් අරින්න..

  • කොවිඩ් ඔබ අසලමය.
  • කිසිම අනවශ්‍ය ගමනක් යන්න එපා
  • කිසිම අනවශ්‍ය අයෙක් ගෙදරට ගන්න එපා
  • පිටතින් ගෙනෙන බඩු විෂබීජ හරනය කොට ගෙට ගන්න
  • බෝ නොවන රෝග ඇති අය කිසිම විටක ගෙදරින් එළි බහින්න එපා..
  • නිකරුනේ ඉස්පිරිතාල වලට බඩගාන්න එපා..
  • නිතරම සබන් යොදා අත් සෝදන්න..
  • මීටරයකටත් වඩා දුරින් පුලුවන් නම් සිටින්න..
  • N95/ Surgical mask එකක් අනිවාර්යයෙන්ම පළඳින්න..

දැන් දැන් සෞඛ්‍ය පද්ධතිය පිරෙමින් පවතී..

ඇඳන් අඩුවී ගෙන යයි..

ලැබ් වල සාම්පල් අහස උසටය..

වෛද්‍යවරුන්ට ලෙඩය..

හෙදියන්ට ලෙඩය..

කණිෂ්ඨ කාර්‍ය මන්ඩලයට ලෙඩය..

රසායනාගාර සේවකයන්ට ලෙඩය..

රියදුරන්ට ලෙඩය..

සහයකයන්ට ලෙඩය..

එසේම ඒ ඔක්කොටෝම මහන්සිය..

ආතතිය හැමතැනමය.

ගැස්ට්‍රයිටිස්ය..

Home sick ය..

ඉතින් තවත් අල වෙන්න පෙර ඇස් ඇර සියල්ලෝම පරිස්සම් වෙන්න..

මේ ආතල් ගන්න කාලයක් නොවේ !!!

ඔබේ ආතල් එක නිසා විවිධ රෝග ඇති ඔබේ මව , පියා , සීයා ,ආච්චි , සැමියා , බිරිඳ ඔබට සඳහටම අහිමි වනු ඇත..

එතරම්ම අනතුරුක් ඔබ ලඟය..

මෙත් සිතිනි..

සැමදා රටට හිතැති

වෛද්‍ය නෙලුම් දසනායක … MRI Virology Unit PCR centre

(MBBS , Dip TB n Chest Diseases )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here