spot_img
spot_imgspot_img

ජනාධිපති ධූරයට දඟලන අයගේ පැටිකිරිය මෙන්න

පුවත්

විදෙස්

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා මේ වනවිට ප්‍රධාන තරඟකරුවන් 04 දෙනකු ඉදිරිපත්ව සිටියි. ජනාධිපතිවරයා තෝරාපත්කරගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ දී නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව පැවැත්වෙන රහස් ඡනදයකිනි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසයේ බලයට පත්වීමෙන් පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් විධායක බලය තවත් වර්ධනය කරගැනීම නූතන ආර්ථික සහ දේශපාලන අර්බුදයේ ආරම්භය බව බොහෝ දේශපාලන විචාරකයෝ පවසති.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යන අවස්ථා හතරේ ද ම මෙම අපේක්ෂයන් 04 දෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

වර්තමානයේ අරගලකරුවන් ඇතුළු රටේ ජනතාව වැඩි දෙනකු අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරයේ බලය අඩුකරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවයි. ඒ අනුව පත්වන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කවුරුන් වුව ද ජනතාවගේ අපේක්ෂාව වන්නේ එම ජනාධිපතිවරයා ජනතා අභිලාෂයන්ට අනුකූළව ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරනු ඇති බවයි.

මේ ප්‍රධාන තරඟකරුවන් 04 දෙනා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල දී කටයුතු කර ඇති ආකාරයයි.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මේ වනවිට 73 වැනි වියෙහි පසුවන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා. 1978 වර්ෂයේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති වික්‍රමසිංහ අවස්ථා 06ක දී මෙරට අගමැතිවරයා ලෙස කටයුතු කර තිබේ. විපක්ෂ නායකවරයා ලෙස ද දීර්ඝ කාලයක් කටයතු කළේය.

මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටි ඔහු ස්වාධීන කොමිසම් සභා පිහිටවූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දී ඇත. විධායක ජනාධිපතිවරයාගේ බලය වැඩි කරනු ලැබූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නොවූ ඔහු විධායක ජනාධිපතිධූරයේ බලය අඩුකරනු ලැබූ 19 ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් අතර එම ව්‍යවස්ථාව ගෙන ඒමේ දී අගමැතිවරයා ලෙස මූලික කාර්යභාරයක් ඉටු කළේය. 20 වැනි සංසශෝධනයට පක්ෂළු ඡන්දය භාවිතා කර නැත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේගයේ නායකයා වන ඔහු මේ වනවිට 55 වැනි වියේ පසුවෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 305,744ක් ලබා පාර්ලිමේන්තුව පත්වූ සජිත් ප්‍රේමදාස 2000 වර්ෂයේ සිට අඛණ්ඩව මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරයි. 17 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළ ඔහු 18 වැනි සංශෝධනයට ඡන්දය භාවිතා කර නැත. 20 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබේ.

අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවගේගනේ මනාප ඡන්ද 49,814ක් ලබා පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින අනුර කුමාර දිසානායක 53 වැනි වියේ පසුවෙයි. 2000 වර්ෂයේ සිට පාර්ලිලමේන්තුව නියෝජනය කරන ඔහු 17 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දී ඇති අතර 18 සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධව සිය ඡන්දය භාවිතා කර තිබේ.

ඩලස් අලහප්පෙරුම

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 103,354ක් ලබාගෙන මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඩලස් අලහප්පෙරුම 1994 වර්ෂයේ සිට 2001 වර්ෂය දක්වාත් 2004 වර්ෂයේ සිට මේ දක්වාත් පාර්ලිමේන්තු නියෝජනය කරයි. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය ලබාදුන් ඩලස් අලහප්පෙරුම මෙරට විධායක ජනාධිපතිවරයාගේ බලය වැඩිකළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂ වූයේය. පසුව එම බලය වැඩිබව පවසමින් ගෙන එන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කළ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා 19 වැනි සංශෝධනය අහෝසි කරමින් නැවත විධායක ජනාධිපතිවරයාගේ බලය වැඩි කරනු ලැබූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව යළි සිය ඡන්දය භාවිතා කළේය. ඔහු මේ වනවිට 63 වැනි වියේ පසුවන මන්ත්‍රීවරයෙකි.

මූලාශ්‍ර්‍රය – manthri.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!