spot_img
spot_imgspot_img

සිවිල් වැසියන්ට පහර දෙන ශ්‍රී ලංකා හමුදාව (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිවිල් වැසියකුට ඉන්ධන පිරවුම්හළක දී පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගෙයන් සංසරණය වෙමින් තිබේ.

උතුරේ මානුෂීය මෙහෙයුම් සිදුකළා යැයි කියන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා පසුගිය දින කිහිපයේ දී මෙරට දකුණේ සිවිල් වැසියන්ගේ මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරන සිදුවීම් ගණනාවක් වාර්තා විය.

සිවිල් කටයුතු සඳහා මැදිහත් විය යුත්තේ පොලිසිය වුව ද ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දිසාපතිවරුන් මගින් ඉන්ධන පිරවුම්හල් මේ වනවිට හමුදාවට භාර දී තිබේ.

දැන් හමුදාව තමන් දන්නා බලය පාවිච්චි කරන ආකාරය දක්නට ලැබෙයි.

මේ සම්බන්ධයෙන් සිය facebook ගිනුමේ සටහනක් තබන හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් පැරණි නඩු තීන්දුවක් ද සහිපත් කර ඇත.

එම සටහනේ මෙසේ දැක්වෙයි.

නාවික හමුදාවේ ‘ගැමුණු‘ යාත්‍රාවේ අණදෙන නිලධාරි කැප්ටන් වීරකෝන් ගේ පිස්තෝලේ නැතිවෙනවා. සැකකාරයාට අල්ලගෙන ගහනවා. මානව හිමිකම් නඩුවක් SC NO. 42/2002 (FR) (කැප්ටන් වීරකෝන් එදිරිව දේශප්‍රිය) යනවා. ගහපු කැප්ටන් වීරකෝන් වැරදිකාරයා වෙලා ආණ්ඩුවෙන් රු. 130,000 කුත්, වීරකෝන් රු. 20,000 කුත් ගෙවන්න වෙනවා. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ මා මිත්‍ර උපුල් කුමරප්පෙරුම. හමුදාවේ නියෝගය යනු උතුම් කටයුත්තකි. එම උතුම් භාවය රැකිමේ වගකීම ඉහළ නිලධාරියාට තිබේ. තමන්ගේ පහළ නිලධාරියෙකු සිදු කරන සෑම ක්‍රියාවකම වගකීම ඉහළ නිලධාරියා වගකීමෙන් බැදේ. නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව සඳහන් ය. Command responsibility පිළිබඳ ලංකාවේ අති සුවිශේෂ නඩු තීන්දුවකි.

පහර දෙන වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!