spot_img
spot_imgspot_img

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ නිවසේ වහළයෙන් වැටී යුද හමුදා සෙබළෙක් මියයයි

පුවත්

විදෙස්

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නගේ නිවසක වහළයක් අලුතුවැඩියා කරමින් සිටි හමුදා සෙබළකු වහළින් වැටී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට, එරත්න අඩවිකන්ද පදිංචි එන්.කේ.චමින්ද ප්‍රේමදාස නමැති 40 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු යුද හමුදා ඉංජිනේරු අංශයේ සේවය කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එම්.අෂ්රොෆ් රූමි විසින් සිදුකරන ලදී.

එහි දී සාක්ෂි දුන් වත්සලා ලක්මාලි වික්‍රම ගුණරත්න (37) කියා සිටියේ මියගොස් ඇත්තේ තම සැමියා බවයි. ඔහු පසුගිය 25 වැනි දා ආරක්ෂක ලේකම්වරයාට අයත් කොට්ටාව පන්නිපිටියේ නිවසක වහළ අලුත්වැඩියාවට ගොස් සිටිය දී මේ අනතුරට ලක්ව ඇති බවත්, අනතුරින් පසු හෝමාගම රෝහලටත් එතැනින් ජාතික රෝහලටත් ඔහු ගෙන ගිය ද පසුව මියගිය බවත් කියා සිටියාය.

යුද හමුදා සෙබළකු වන ශාන්ත ප්‍රදීප් කුමාර ද මෙහි දී සාක්ෂි දී තිබේ. ඔහු මෙසේ කියයි.

“පසුගිය 21 වැනි දා කෑම්ප් එකෙන් කිව්වා ආරක්ෂක ලේකම්තුමාගේ පරණ නිවසක වහළක් අලුත්වැඩියා කරන්න කියලා. අපි පනාගොඩ කෑම්ප් එකේ වැඩ කරමින් ම ඒ වැඩේට ගියා. මේ අතර 25 වැනි දා 10.00ට විතර අපි වහළය හදමින් සිටියා. මේ අතර වැස්සක් ආවා. මම හිටියේ පලංචිය උඩ. මියගිය චමින්ද හිටියේ වහළ උඩ අඩි 20ක් විතර උඩින්. මම මුලින්ම බැස්සා. ඊට පස්සේ එයා වහළ උඩ ඉදලා පලංචියට බහින්න හඳනකොට ම බිම වැටුණා. ඒ පෙපලාවේ ම හෝමාගම රෝහලට ගෙන ගියා.”

මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්කෂණ වාර්තාව සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මරණය සිදුවූයේ පලංචියෙන් වැටීමෙන් සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් යැයි නිගමනය කර තිබේ.

‍දේහය අවසන් කටයුතු සඳහා මියගිය තැනැත්තාගේ බිරිඳට බාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles