9.4 C
New York

GotaGO ගම ගාලු කොටුව මතට ගෙන යයි

Published:

ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට ඉදිකර තිබූ ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව අද (30) පස්වරුවේ සිට ගාලු කොටුපවුර මතට ගෙනගොස් ඇත.

සවස ගාලු කොටුපවුර මතට ගෝඨාගෝ ගම ගෙන යාමෙන් පසු ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කැමරා ශිල්පීන්ගේ දැඩි අවධානයට මේ ගෝඨාගෝ ගම ලක්ව තිබිණි. ඔවුන් අවස්ථා කිහිපයක දී ම එය තම රූපරාමුවලට හසුකරගන්නා ආකාරය ද පෙනෙන්නට තිබිණි.

ඊයේ (29) සහ අද (30) කොටුපවුර මත සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ කණ්ඩායම් ඉවත්කිරීමට යුද හමුදා‍ කණ්ඩායමක් සහ පොලිසිය උත්සාහ ගැනීමෙන් පසු මෙලෙස ගෝඨාගෝ ගම කොටුපවුර මතට ගෙන යාමට කටයුතු කර තිබේ.

යුද හමුදාව නීතියට පටහැනිව යමින් උද්ඝෝෂකයන් ඉවත්කිරීමට යාමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ද එම කාර්යයට නායකත්වය දුන් හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ‍අධිිකරණයට ඉදිරිපත් කරන්න යැයි ද ගාල්ලේ නීතිඥයෝ අද පොලිසියට පැමිණිල්ලක් ද ගොනු කළහ.

Related articles

Recent articles

spot_img