spot_img
spot_imgspot_img

ට්විටර් පණිවුඩයක් සම්බන්දයෙන් ඉන්දියානු මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කළ වෙබ් අඩවියක සම කතෘ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සුබෙයිර් නැමැති AltNews හි මාධ්‍යවේදියෙකි.

ඔහුට ට්විටර් හරහා ආගමික විශ්වාසයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව මාධ්‍ය සංවිධාන පවසයි. මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හෙළා දකින අතර මෙය, වෛරී ප්‍රකාශ හෙලිදරව් කරන්නන් මර්දනය කිරීමට හින්දු-ජාතිකවාදී රජය ගත් පැහැදිලි උත්සාහයක් බව ඔවුහු පැවසූහ.

සුබෙයිර්, මෑතකදී රූපවාහිනී විවාදයකදී මුහම්මද් නබි තුමාට අපහාස කළ බව කියන පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රකාශකයෙකුගේ අදහස් ඉස්මතු කළේය. ඔහුගේ ට්විටර් පණිවිඩය පුළුල් ලෙස හුවමාරු වූ අතර මුස්ලිම් රටවල් කිහිපයක් එම අවස්ථාවේදී ඉන්දියාවට දැඩි විරෝධතා දැක්වීය.

මෑත සතිවලදී, හින්දු ජාතිකවාදීන් සුබයිර් විසින් කරන ලද අතීත අදහස් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ඔවුන්ගේ ආගමික හැඟීම්වලට හානි කිරීම සම්බන්ධයෙන් ඔහුට නඩු පවරන ලෙස ඉල්ලා සිටියේය.

ප්‍රමුඛ ඉන්දීය මාධ්‍යවේදියෙකු වන මොහොමඩ් සුබයිර් 2017 දී හිටපු ඉංජිනේරු ප්‍රතික් සිංහ සමඟ AltNews නම් කරුණු පරීක්ෂා කිරීමේ (fact-checking) වෙබ් අඩවිය ආරම්භ කළේය.

රට තුළ වැරදි තොරතුරු සහ අසත්‍ය ප්‍රවෘත්ති වලට එරෙහිව සටන් කිරීම හේතුවෙන් වෙබ් අඩවිය ඉක්මනින් ප්‍රසිද්ධියට පත් විය.

AltNews මගින් සිදුකරන කරුණු පරීක්‍ෂාවන් සුබෙයිර් විසින් ට්විටර් හි නිතර බෙදා ගන්නා අතර එම ගිණුමේ ඔහුට මිලියන භාගයකට වඩා ග්‍රාහකයින් සිටී.

තම ගිණුම ඉන්දීය නීති උල්ලංඝනය කර ඇති බව පවසමින් මයික්‍රොබ්ලොගින් වෙබ් අඩවියට රජයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි පසුගිය සතියේ සුබෙයිර් පවසා තිබිණ.

පසුව ඔහුට පවසා තිබුණේ, හින්දු කණ්ඩායමක් විසින් කරන ලද ප්‍රකෝපකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුගේ ට්විටර් පණිවුඩ රටේ තොරතුරු තාක්ෂණ නීති යටතේ ඉන්දියාවේදී රඳවාගෙන ඇති බවට විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලැබී ඇති බවයි.

හින්දු ජාතිකයන් විසින් දේවත්වයෙන් සලකන හනුමාන් නමින් හෝටලයක් නැවත නම් කිරීම පිළිබඳව අදහස් දක්වමින් 2018 පල කළ පෝස්ටුවක හින්දු භක්තිකයින්ට අපහාස කළ බව පැවසූ ට්විටර් ගිණුමකින් ලැබුණු පැමිණිල්ලක් මත සුබෙයිර් රඳවාගෙන සිටි බව ANI ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ජ්‍යෙෂ්ඨ දිල්ලි පොලිස් නිලධාරීන් උපුටා දක්වමිනි.

පසුව පොලිසිය විසින් කරන ලද ප්‍රකාශයකින් කියා සිටියේ මෙම ට්විටර් පණිවුඩය සුබයිර් මහතාගේ ට්විටර් අනුගාමිකයින් විසින් විස්තාරණය කර ඇති අතර “විවාද සහ වෛරී පෙළඹවීම් මාලාවක් නිර්මාණය කර ඇති” බවයි.

පොලිසිය කියා සිටින්නේ ඔවුන්ගේ විමර්ශනයේදී සුබෙයිර් මහතාගේ හැසිරීම “ප්‍රශ්න කළ හැකි” බවයි.

ඔහු සමඟ පොලිසියට පැමිණි AltNews හි සම-නිර්මාතෘවරයෙකු වන ප්‍රතික් සිංහ කියා සිටියේ අත්අඩංගුවට ගැනීම සිදු කළ පැමිණිල්ලේ පිටපතක් තමාට හෝ සුබෙයිර්ගේ නීතිඥයින්ට ලබා නොදුන් බවයි.

රඳවා තබා ගැනීමෙන් පසු ඔහු රැගෙන යන්නේ කොතැනටද යන්න පිළිබඳවද මුලදී ඔවුන්ට පවසා නැත.

සුබෙයිර් මහතා ප්‍රාදේශීය මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලද අතර ඉන් අනතුරුව ඔහුට තම නීතිඥවරයා හමුවීමට අවසර ලැබිණි.

බොහෝ මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් ඔහුව වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති.

“ව්‍යාජ ප්‍රවෘත්ති හෙළිදරව් කළ, ඉන්දියාවේ වෛරී යාන්ත්‍රණය හෙළි කළ සුබයිර් දැන් අත්අඩංගුවට ගෙන ඇත,” මුස්ලිම් මාධ්‍යවේදියෙකු වන රානා අයුබ් පැවසීය. “පරිහානිය වාර්තා කළ, ලේඛනගත කළ අයට රට දඬුවම් කරයි.”

විපක්ෂයේ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “බීජේපීයේ වෛරය, ආගම්වාදය සහ බොරු හෙළිදරව් කරන සෑම පුද්ගලයෙකුම ඔවුන්ට තර්ජනයකි. සත්‍යයේ එක් හඬක් අත්අඩංගුවට ගැනීමෙන් තවත් දහසක් බිහිවනු ඇත.”

හනුමාන් වඳුරු දෙවියන්ට නමස්කාර කරන්නා යන අර්ථය ඇති Hanuman Bhakt නම් ගිණුමක ට්විටර් සටහනක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ නිර්මාණය කරන ලද නිර්නාමික ගිණුමේ අඟහරුවාදා උදෑසන වන තෙක් සිටියේ එක් අනුගාමිකයෙක් පමණි. එතැන් සිට එය අනුගාමිකයින් 1,400 ඉක්මවා යාමට වේගයෙන් ඉහළ ගොස් ඇත.

සුබයිර් මහතාට එරෙහි පැමිණිල්ල පදනම් වී ඇත්තේ 2018 දී ඔහු පලකළ ට්වීට් එකකි. ඔහු එහිදී, ‘හනිමූන් හෝටලය’ ලෙස නම්කර තිබූ හෝටලයක් ‘හනුමන් හෝටලය’ ලෙස වෙනස් කරන ලද නාම පුවරුවක ඡායාරූපයක් බෙදාගෙන ඇත.

බොහෝ අය පෙන්වා දුන්නේ මෙම ඡායාරූපය, අධ්‍යක්ෂක Hrishikesh Mukherjee විසින් 1983 දී නිපදවන ලද බොලිවුඩ් විකට චිත්‍රපටයක දර්ශනයක් සඳහා යොදාගත්තක් බවයි.

ජුනි 19 වන දින, හනුමාන් භක්ත් ගිණුම මෙම සිව් වසරක් පැරණි ට්වීට් එක බෙදා ගත්තේ, එය හින්දු භක්තිකයින්ට “සෘජු අපහාසයක්” බව පවසමිනි. මෙම ගිණුම දිල්ලි පොලිසියට ටැග් කර, සුබයිර් මහතාට එරෙහිව “වහාම පියවරක්” ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

https://www.bbc.com/news/world-asia-india-61956108

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!