spot_img
spot_imgspot_img

කරාපිටිය ඇතුලු ගාල්ලේ රෝහල් අකර්මන්‍ය වෙයි ? GMOA වෙතින් අනතුරු ඇඟවීමක්

පුවත්

විදෙස්

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන අඟහරුවාදා සිට කරාපිටිය ශිකෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියුල රෝහල් සහ සෞඛ්‍ය ආයනයන්හි හදිසි සේවාවන් පමණක් පවත්වාගෙන යාමට තීරණය කළ බව රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාව විසින් මේ බව සඳහන් කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ට ලිපියක් යොමුකර ඇත.

එහිි දැක්වේනනේ ඔවුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තීය සංගම් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව රට පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හළ් සීමිත සංඛ්‍යාවකින් සිකුරාදා දිනයේ දී වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ඉන්ධන ලබාදුන් බවයි.

එසේ වුව ද ගාල්ලේ නම්කරන ද ඉන්ධන පිරවුම්හල් 04 මගින් ද ඉන්ධන ලබාගැනීමට වෛද්‍යවරුන්ට පවා පැය 24ක් පමණ පෝළිම්වල රැඳී සිටින්නට සිදුවූ බවත් ඔවුහු චෝදනා කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනෙකුත් අත්‍යවාශ්‍ය සේවා සහ සාමාන්‍ය රථවාහන සඳහා ද එම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට උපදෙස් දීම හේතුවෙන් මෙවැනි තත්වයක් උදා වී ඇතැයි ද වෛද්‍යවරු චෝදනා කරති. ඒ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 20%කට ප්‍රමාණයකටවත් ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබුණු බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙවන් පසුබිමක් මත සඳුදා සිට තම සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බැවින් අඟහරුවාදා සිට මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇතැයි ද එම ලිිපිය මගින් දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!