spot_img
spot_imgspot_img

ගාලු වරායේ සංවර්ධනයට යැයි කියා කෝටි 42ක් අපතේ යවලා. ණය ආධාරත් නෑ

පුවත්

විදෙස්

ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතියක් අතරමග නවතා දැමීම හේතුවෙන් රුපියල් කෝටි 42ක් අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

මෙය වැය කර ඇත්තේ ගාල්ල වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමට යැයි පවසමින් ඒ සඳහා උපදේශක ගාස්තු ගෙවීමටය. උපදේශක ගාස්තු ගෙවා ඇතත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නැත.

අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගත් ණය ගිවිසුමක් යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර තිබිණි.

2020 වර්ෂයේ දී මෙම මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අදාල උපදේශන සමාගමට ගෙවා ඇත. නමුත් ගාලු කොටුව ලෝක උරුමයක් වීම හේතුවෙන් මෙම ඉදිකිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමැතිය ලබාගත යුතුය. එලෙස අනුමැතිය ලබාගැනීම සඳහා වසර තුනකට අධික කාලයක් ගතවීම හේතුවෙන් ණය ප්‍රදානය කළ අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව විසින් ණය කාලසීමාව දීර්ඝ නොකිරීම හේතුවෙන් ව්‍යාපෘතිය නතර කිරීමට සිදුව ඇත.

මූලික අනුමැතියක් නොමැතිව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යාමෙන් සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි 42කි.

මෙම සංවර්ධන කාර්යය සිදුකිරීමට නිියමිතව තිබුණේ දක්ෂිණ ප්‍රදේශ සංවර්ධන වැඩසටහන යටතේ බව ද විගණන වාර්තාවේ දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!