spot_img
spot_imgspot_img

චීනයේ සිදුකළ සමූල ඝාතනයක් සැමරී හොංකොං බලධාරීහු තහනම් කරති

පුවත්

විදෙස්

චීනයේ තියනාන්මෙන් චතුරශ්‍රයේ 33වසරකට පෙර සිදුවූ සමූලඝාතනය සැමරීම සීමා කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන ඇති අතර සැමරුමට සහභාගී වෙමි සිටි 06දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ පාලකයන් යුද ටැංකි හා හමුදා යොදා ගනිමින් සාමකාමී විරෝධතා මැඬලීමේ අතිශය සංවේදී සිදුවීමේ 33 වැනි සංවත්සරය සෙනසුරාදාට (04) යෙදී තිබුණි.

මෑතක් වන තුරුම, හොංකොං මෙම උත්සවය සමරන ලද අතර චීනයේ තවත් ප්‍රදේශ කිහිපයක ද වාර්ෂිකව මෙය සමරනු ලැබිිණ නමුත් මෙවර සැමරුම් උත්සවය බලධාරීන් විසින් තහනම් කරනු ලැබිණ.

1989 බීජිං හි මර්ධනය සනිටුහන් කරමින් ඉටිපන්දම් දැල්වීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබූ වික්ටෝරියා උද්‍යානය ආසන්නයේ දී පිරිමි පස් දෙනෙකු සහ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව හොංකොං පොලිසිය තහවුරු කළේය. මොවුන් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

සමාජ මාධ්‍යවල බෙදා හරින ලද සමහර පින්තූර නගරයේ පොලිස් නිලධාරීන් විසින් මිනිසුන් රඳවාගෙන ගෙන යන ආකාරය පෙන්නුම් කරයි. තවත් අය සෝදිසි කරනු දක්නට ලැබිණි.

සියගණනක් පොලිස් භටයන්, ඇතැමුන් නිල සුනඛයන් ද සමඟ සවස් වරුවේ උද්‍යානය අවට ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටිනු ද දක්නට ලැබිණි.

වාර්ෂික ඉටිපන්දම් දැල්වීම අනුකරණය කිරීමට දරන උත්සාහයක් ලෙස, ජනතාව සෙනසුරාදා උද්‍යානයට ආසන්න ප්‍රදේශයක ඔවුන්ගේ ජංගම දුරකථන ඒලි දැල්වීය. පසුව ඒවා ක්‍රියා විරහිත කරන ලෙස පොලිසිය ඔවුන්ට අවවාද කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඕනෑම අනවසර රැස්වීමක යෙදෙන පෙලපාලිකරුවන් වසර පහක් දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු දැකිය හැකි බවට නිලධාරීන් කලින් අනතුරු ඇඟවීය.

“වසර 33ක් තිස්සේ එය සැමවිටම සාමකාමීව පැවතුනි, නමුත් අද එය තහනම් කර තිබේ, ඒහෙත් ඒය මිනිසුන්ගේ හදවත් වල සදාකල් රැඳී පවතිනු ඇත.” එක් ක්‍රියාකාරිකයෙකු පැවසීය.

වැඩි දේශපාලන නිදහසක් ඉල්ලා බීජිං හි තියාන්මෙන් චතුරශ්‍රයේ 1989 දී පැවති විරෝධතාවේදී ප්‍රධාන වශයෙන් සිසුන් ඇතුළු දහස්ගනන් පිරිස් චතුරශ්‍රයේ සති ගණනක් කඳවුරු බැඳ සිටියහ. ජූනි 4 වෙනිදා හමුදාව පැමිණ මෙම විරෝධතාවයට වෙඩි තැබීය.

චීන රජය පවසන්නේ සිවිල් වැසියන් 200 ක් සහ ආරක්ෂක නිලධාරීන් දුසිම් කිහිපයක් ඒම අවස්ථාවේදී මිය ගිය බවයි. කෙසේවුවද අනෙකුත් ඇස්තමේන්තු පවසන්නේ මරණ ගනන 100 – 10,000 අතර පරාසයක පවතින්නට ඇති බවයි.

ස්වයං පාලිත තායිවානයේ සංවිධානය කරන ලද සැමරුම් උත්සවය සඳහා සෙනසුරාදා සියගණනක් ජනයා තායිපේ අගනුවරට රැස්ව සිටියහ.

තායිවානයේ ජනාධිපති Tsai Ing-wen “ජූනි 4 සාමූහික මතකය මකාදැමීමට හොංකොං බලධාරීන් ක්‍රියාකිරීම” විවේචනය කළේය.“නමුත් එවැනි තිරිසන් බලයකට මිනිසුන්ගේ මතකයන් මකා දැමිය නොහැකි බව අපි විශ්වාස කරමු,” ඇය සමාජ මාධ්‍යවල ලියා තිබිිණ.

https://www.bbc.com/news/world-asia-china-61690523

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!