spot_img

විභාග ශාලා ජලයෙන් යටවෙයි. ගිනි නිවන හමුදාව මහ මෙහෙයුමක

පුවත්

විදෙස්

මහ වැස්ස හේතුවෙන් අද (31) කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසු දරු දැරියන් දැඩි අපහසුතාවකට ලක්වූහ.

ඊයේ සිට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් පාසල අද උදෑසන වනවිට මුළුමනින් ම ජලයෙන් යට වී තිබිණි. මේ නිසා විභාගය පැවැත්විය නොහැකි තත්වයක් උදාවී තිබිණි.

කොළඹ මහ නගර සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව එක්ව එම ජලය ඉවත්කිරීමට කටයුතු කළහ. නගර සභාව කාණුවල තිබූ අවහිරතා ඉවත්කරමින් ජලය බැසයාමට සැළැස්වූ අතර ඇතැම් ගොඩනැගිලිවල තිබූ ජලය පොම්පකර පිටතට යැවීමට ගිනි නිවන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

උදෑසන සිට පැය දෙක පමණ පරිශ්‍රයකින් පසු ජලය ඉවත්කර විභාග කටයුතු ආරම්භ කළ බව විදුහල්පතිනි චම්පිකා වීරතුංග කීවාය. කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. ද සිල්වා පවසන්නේ ප්‍රමාදයකින් තොරව විභාගය පැවැත්වීමට හැකියාව ලැබුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles