spot_img
spot_imgspot_img

පකිස්ථානයේ ආර්ථික කුණාටුවෙන්, ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම්

පුවත්

විදෙස්

මුහම්මද් අෆ්ටාබ් අලාම් විසිනි

සමස්ත ලෝකය ම අවදානමට ලක්විය හැකිලෙස ආර්ථිකය විනාශ වීමට කොරෝනා සීමා කිරීම් හේතුවී තිබෙනවා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු තත්වය වඩාත් නරක අතට හැරී ඇති අතර සංචාරක ව්‍යාපාරය, ඉන්ධන සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සහ විදෙස් අරමුදල් තිරසාර ලෙස ගලා ඒම ණය සහ ප්‍රේෂණ වැනි තනි මූලාශ්‍ර භාණ්ඩ හා සේවා අපනයනය මත දළ දේශීය නිෂ්පාදිතය රඳා පවතින රටවල් වඩාත් පීඩාවට පත්වීම එමගින් සිදුවනවා. සංචාරක කර්මාන්තය මත යැපෙන සහ ආනයන මත පදනම් වූ ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව මෙම ආර්ථික බිඳවැටීමේ පළමු ගොදුරක් බවට පත්ව ඇති ආකාරය අපට දැනටමත් පැහැදිළියි.

ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලේ ඛනිජ තෙල්, ආහාරයට ගතහැකි තෙල්, තිරිඟු සහ අනෙකුත් මූලික ආහාර ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම, වෙළඳ හිඟය වැඩිවීම, ගෙවුම් ශේෂයේ හිඟය සහ රාජ්‍ය අංශයේ ණය වැඩිවීම ගැන සඳහන් නොකරමින් පකිස්ථානය ද එවැනිම තත්වයකට මුහුණ දී සිටිනවා. පසුගිය වසර තුනක කාලයේ රට තුළ සෘජු විදේශ ආයෝජනවල දැවැන්ත ක්ෂයවීමක් දැකිය හැකියි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ උච්ඡාවචනය වීම වැළැක්වීම හේතුවෙන් අවදානම ඉහළ නංවා ඇති අතර දේශපාලන කැළඹීම් මූල්‍ය වෙලඳපොලට බොහෝ අවිනිශ්චිතතාවයක් එක් කර තිබෙනවා.

මිලියන 220කට වැඩි ජනගහනයක් සිටින රටක් වන පකිස්ථානයට මේ වසරේ ගෘහස්ථ පරිභෝජනය සඳහා තිරිඟු ටොන් මිලියන 29ක් අවශ්‍යයි. කෙසේ වෙතත්, නමත් නිෂ්පාදනය කරන්නේ ටොන් මිලියන 26 ක් පමණයි. රටෙහි ගංගාවල උග්‍ර ජල හිඟය, වැසි නොමැතිකම සහ කාලගුණික රටාවල දැඩි වෙනස්වීම් හේතුවෙන් සහල් සහ අඹ වැනි අපනයන භෝග නිෂ්පාදනයේ හිඟයකට ද පකිස්ථානයට මුහුණ දීමට සිදුවිය හැකියි. ඉහළ යන විදුලි ගාස්තු රටේ අපනයනවලට, විශේෂයෙන් රෙදිපිළි, ක්‍රීඩා භාණ්ඩ, ශල්‍ය උපකරණ සහ අනෙකුත් නිෂ්පාදන ද්‍රව්‍ය කෙරෙහි ද බලෑම් කරයි.

දැන් දිග හැරෙමින් පවතින අර්බුදය සවිස්තරාත්මකව බැලුවහොත්, රටේ මූල්‍ය හිඟය රුපියල් ට්‍රිලියන 5 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන අතර එහි ආදායම රුපියල් ට්‍රිලියන 7 කට වඩා අඩු වෙයි. මෙයින් අදහස් කරන්නේ ආර්ථිකය කඩාවැටීමකින් ගලවා ගැනීමට වහාම දැඩි පියවර නොගතහොත් පාකිස්තානය ද ශ්‍රී ලංකාව වැනි තත්වයක් කරා ගමන් කළ හැකි බවයි.

නිසැකවම, පාකිස්තානය මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ. දශක ගනනාවක් තිස්සේ පැවති අස්ථාවරත්වයේ ප්‍රතිඵලයක් ලෙස, දිගුකාලීන තිරසාර ආර්ථික ප්‍රතිසංස්කරණවල ඌනතාවය සහ Pressler සංශෝධනය හරහා සම්බාධක පැනවීම හේතුවෙන්, පකිස්ථානය 1999 දී බිඳවැටීමේ අද්දරට ලඟා වුණා. 1998 මැයි මාසයේ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් පසු තවදුරටත් සම්බාධක පැනවීම සහ රට තුල විදේශ මුදල් ගිණුම් සියල්ල කැටි කිරීම එහි කරදර තවත් නරක අතට හැරුණා.

එකල ඇමරිකානු ඩොලර් බිලියන 62 ක පමණ වූ දළ දේශීය නිෂ්පාදිතයක් සමඟින්, පකිස්ථානයට සේවක නිල ප්‍රේෂණ ලෙස ලැබුණේ ඩොලර් බිලියන 1 ක් පමණයි. එපමණක් නොව, සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඩොලර් බිලියන භාගයකට වඩා අඩු මට්ටමකට පත්ව තිබුණා. තත්වය තව දුරටත් අවුල් කරමින්, 1999 ඔක්තෝම්බර් මාසයේ දී මිලිටරි ආන්ඩුවක් පිහිටුවීමේ ප්‍රතිඵලය වූයේ තවත් පකිස්ථානයට සම්බාධක පැනවීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රට ඉදිරි වසර කිහිපය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 2.5 සිට ඩොලර් බිලියන 3 දක්වා බාහිර ලැබීම් සහ බාහිර ගෙවීම් අතර පරතරයකට මුහුණ පෑවා. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන පකිස්ථානයේ ස්වෛරී ණය වරණීය ණය නොගෙවීමේ ප්‍රවර්ගයට ශ්‍රේණිගත කළා.

ආසන්න බිඳවැටීමකට මුහුණ දෙමින්, පකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ළඟා වූ අතර ඇමරිකානු ඩොලර් බිලියන 1.56 ක ණය ආධාරයක් ලබා ගැනීමට සමත්ව තිබුණා. වැඩි කල් නොගොස්, “සියලු සමාලෝචන සාර්ථකව නිම කිරීමට IMF සමත් වූ අතර නියමිත වේලාවට සියලුම වාරික නිකුත් කරන ලදී. [ප්‍රතිඵලයක් වශයෙන්], IMF වසර තුනක දරිද්‍රතාවය අඩු කිරීමේ සහ වර්ධන පහසුකම (PRGF) සමඟ පසු විපරම් කිරීමට එකඟ වුණා. එහි ප්‍රතිඵල ප්‍රමාණවත් ලෙස පෙනෙන්නට තිබුණේ නැහැ. මෙම කාලය තුළ පකිස්ථානයේ කෘෂිකාර්මික හා කාර්මික යෙදවුම් වැඩි කළා. 2001 ජූනි වන විට එහි අපනයනය ඩොලර් බිලියන 9.2 දක්වා ඉහළ ගියා.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය වැනි රටවල් පාකිස්තානය මෙම අර්බුදයෙන් ගොඩ ගැනීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් කිරීම වටී. 1998 දී න්‍යෂ්ටික අත්හදා බැලීම් කිරීමෙන් පසු සෞදි අරාබිය  විසින් පාකිස්තානයට උපාය මාර්ගික යටිතල පහසුකම් සඳහා නොමිලේ තෙල් පහසුකම් සපයන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු සියලුම ජාත්‍යන්තර සංසදවලදී පකිස්තානයට චීනයේ සහයෝගය ස්ථාවරව පැවතීම ද මේ සඳහා රුකුළක් වුණා. ශතවර්ෂයේ දෙවන දශකයේ දී දෙරට චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) අත්සන් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ද එවැනිම තත්ත්වයක සිටින බව පෙනේ, සමහරවිට 1999 දී පාකිස්තානය තිබූ ස්ථානයට වඩා නරකයැයි සිතිය හැකියි.

එයට කුමක් කළ හැකිද? කෙටි කාලීනව, එය IMF වැනි මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීම අවශ්‍ය වනෙවා. මෙය දැනටමත් අඩු වැඩි වශයෙන් සිදු කෙරෙනවා. ප්‍රාදේශීය මිත්‍ර පාර්ශ්වවලටද ප්‍රවේශ විය යුතුයි. කෙසේ වෙතත්, ඒ සඳහා දේශපාලන එකඟතාවයක් සහ රට තුළ ස්ථාවරත්වයක් අවශ්‍ය වීම අනිවාර්ය කරුණක්.

දිගු කාලීනව, ශ්‍රී ලංකාවට සිය ආර්ථිකය, වර්ථමානයේ පවතින සංචාරක ව්‍යාපාරයෙන් පමණක් යැපෙන තත්ත්වයේ සිට විවිධාංගීකරණ කළ ආර්ථිකයක් දක්වා වෙනස් කිරීමට සිදුවේවි. තිරිඟු සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ දී ලොව පුරා සිදුවෙමින් පවතින බාධා කිරීම් සැලකිල්ලට ගෙන, රට ස්වයංපෝෂිත වීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. පෙට්‍රෝලියම් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන රටේ විශාලතම ආනයනය වන බැවින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරුවීමේ පැහැදිලි අවශ්‍යතාවයක් පවතිනවා. මෙය ආනයන බිල පහත හෙළීමට පමණක් නොව පාරිසරික හායනයට එරෙහිව සටන් කිරීමට ද උපකාරී වනවා ඇති.

කලින් සඳහන් කළ පරිදි, පාකිස්තානයේ ආර්ථිකය නැවතත් බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, දේශපාලන හා මූල්‍ය (අභ්‍යන්තර හා බාහිර) කරුණු කිහිපයක් නිසා 1999 වැනි බරපතල තත්ත්වයකට මෙවර රට මුහුණ නොදිය හැකියි.

මූල්‍යමය වශයෙන් ගත් කල, පකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතය 1999 දී ඩොලර් බිලියන 62 ට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය 300 සහ 350 අතර පවතිනවා. පකිස්තානයේ රාජ්‍ය බැංකුව දින 45 ක ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 10 කට වඩා තබගෙන සිටිනවා. ඊට වෙනස්ව, 1999 දී විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 900 ක් තිබුණා. එදා විදේශ ආයෝජකයෝ රටින් පලා ගියා. එහෙත් අද, ඊට වෙනස්ව, විදේශ ආයෝජන මත ලාභ සහ ලාභාංශ පිටවීම වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු මාස 10 තුළ ඉහළ ගොසින්. එය විදේශ ආයෝජන සඳහා ධනාත්මක සලකුණකි.

දේශපාලන පෙරමුණේදී, රටේ ආර්ථික අසාර්ථකත්වයට හේතු වූ වැරදි කළමනාකරණය හේතුවෙන් ඉම්රාන් ඛාන්ගේ රජයට ඉවත්ව යෑමට සිදුවුණා. වත්මන් රජය දැඩි තීරණ ගැනීමට තීරණය කළා. අන්‍යෝන්‍ය වශයෙන්, දැනට ක්‍රියාත්මක ආධාර වැඩසටහනේ මීළඟ වාරිකය සම්බන්ධයෙන් IMF වෙත ප්‍රවේශ වීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන සහ විදුලිය සඳහා වන සහනාධාර අඩු කිරීම ඒ අතර ප්‍රධානයි.

බාහිර වශයෙන්, සෞදි අරාබිය සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය පකිස්ථානයේ රාජ්‍ය බැංකුව සමඟ ඔවුන්ගේ ආරක්ෂක තැන්පතු සඳහා ගෙවීම් නැවත සැලසුම් කර තිබෙනවා. පසුගිය රජය විසින් අත්හිටුවා තිබූ CPEC නැවත ආරම්භ කිරීම පිළිබඳව ද චීනය සලකා බලනවා. තවද, පෙට්‍රෝලියම් හැර පකිස්තානයට දැනට එහි අනෙකුත් ආහාර අවශ්‍යතා 80% ක් අභ්‍යන්තරව කළමනාකරණය කිරීමට හැකියාව තිබෙනවා.

එවැනි සුබවාදී  බවක් තිබියදීත්, පාකිස්තානයේ ආර්ථිකය අර්බුදයට මුහුණ දීමට අපොහොසත් වුවහොත්, එහි ප්‍රතිවිපාක කලාපය පුරාවට ම දැනෙනු ඇති බව පැහැදිලියි. පකිස්ථානයේ සමීපතම අසල්වැසියා වීම සහ පකිස්ථානයෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය මත දැඩි ලෙස රඳා පවතින ඇෆ්ගනිස්ථානයට එවැනි කඩාවැටීමකදී බර පැටවීම සිදුවනු ඇත. එබැවින් කලාපයේ සෙසු ප්‍රදේශවල ස්ථාවරත්වය සඳහා පකිස්ථානය වැනි රටක ස්ථාවරත්වය අවශ්‍ය බව පැහැදිළියි. කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියාතික සංගමය (සාර්ක්) වැනි සංවිධාන සරල එක්-ලක්ෂ්‍ය න්‍යාය පත්‍රයක් සමඟ පුනර්ජීවනය කළ යුතු අතර, එහි ජනතාවගේ සුබසාධනය යන කොටස් සඳහා, එක්ව ක්‍රියා කළ යුතුයි

ලේඛකයා ස්වාධීන පර්යේෂණ සහ උපදේශන සංවිධානයක් වන පර්යේෂණ, උපදේශන සහ සංවර්ධන ආයතනයේ (IRADA) විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

ඔහු සම්බන්ධ කරගත හැකි twitter – @aftabalam_77

Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!