spot_img
spot_imgspot_img

අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කරයි. අගමැතිට ආයතන 57ක්, ජනපතිට 42

පුවත්

විදෙස්

අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එම ගැසට් පත්‍රයෙන් යම් අමාත්‍යාංශයක විෂය පථයකට අයත් නොවූ ආයනයක් ඇත්නම් එය තවදුරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පවතින බව ද ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ නිවේදනය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ 1(අ) අනු ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරෙන බලතල අනුව යි.

ගැසට් නිවේදනය අනුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා 42ක් ඇතුළත් වෙයි.

අගමැති  රනිල් වික්‍රමසිංහ යටතේ ඇති මුදල්, ආර්ථිික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ආයතන 57ක් ඇතුළත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට ආයතන 36ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ආයතන 27ක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට ආයතන 15ක්, සහ ප්‍රවාහන අමාත්‍යාංශයට ආයතන 11ක් අයත් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!