spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (27) දිනයේ ගනුදෙනු 17,079 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,567 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,315ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ‍රුපියල් මිලියන 518
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 186
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 99

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 49
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
  • එස්එන්බී ලීසිං සමාගම (X) 23%
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම 19%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 438
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 300
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 186

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 22ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 63කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 41ක මුදලක් අද දිනයේ ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 06
  • සීඩබලිව් මැකී සහ සමාගම රුපියල් මිලියන 4.7
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපයිල් මිලියන 1.9
  • ඒසියා සිආකා සමාගම රුපියල් මිලියන 1.9
  • සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම රුපියල් මිලියන 1.5

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම රුපියල් මිලියන 37
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 9.5
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 4.5
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 04
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2.2

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!