spot_img
spot_imgspot_img

ජොන්ස්ටන් CID වෙත පැමිණෙයි

පුවත්

විදෙස්

කොළඹ සාමකාමි උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා පහරදීමේ සිද්ධියෙන් පසු කිසිම අවස්ථාවක මහජනයා සිටින තැනකට නොපැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) මීට සුළු වේලාවකට පෙර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

එම ප්‍රහාරය සිදුවීමට පෙර අරලියගහ මන්දිරයේ දී පැමිණ සිටි පිරිස අමතමින් උද්වේගකර කතාවක් සිදුකිරීම හේතුවෙන් එම මැර ප්‍රහාරය සැළසුම් කරන ලදැයි ඔහු සෘජුවම චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව සාක්ෂිවලින් පැහැදිලිවන කරුණු සළකා බලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත හැකි බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

මේ වනවිට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද තහනම් කර තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඊයේ (23) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඊයේ ඔහු පැමිණියේ නැත. අද (24) උදෑසන ඔහු පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!