spot_img
spot_img

විභාග ශාලා ජලයේ යටවෙද්දී යුද හමුදාව ජලයේ බැස දරුවන්ට පිහිට වෙයි

පුවත්

විදෙස්

අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වූ පුත්තලමේ ශාන්ත ඇන්ඩෲ මධ්‍ය මහා විද්‍යාලයේ විභාග කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව විශාල කාර්යභාරයක් අද (24) ඉටුකළේය.

පාසල එකම ජලාශයක් බවට පත්ව තිබුණ ද ජලයෙන් යටවී තිබූ විභාග ශාලා වෙනත් ස්ථානයකට ගෙන යාමට කටයුතු කළ යුද හමුදාව පාසල් සිසු සිසුවියන්ට ද බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථානයට ගොස් අසුන් ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා දී තිබිණි. එම සිසුන් බස් රථවලින් විභාග ශාලා අසළට ගෙනවිත් ඩෙස් සහ පුටු ආධාරයෙන් සැකසූ තාවකාලික පිවිසුම් ඔස්සේ ඔවුන්ට විභාග ශාලාවට ඇතුළුවීට කටයතු සළසා තිබීම විශේෂත්වයකි.

විභාගයට මුහුණ දෙන දරුවන් නිරුපද්‍රිතව විභාග ශාලාවට ඇතුළුකිරීම සඳහා හමුදා නිලධාරීන් සිය ගණනක් ජලයේ බැස ඔවුන්ට උපකාර කරනු දක්නට ලැබිණි.

විභාග අයදුම්කරුවන් 156 දෙනකු යුද හමුදාවේ මැදිහත්වීම නිසා සාමාන්‍ය පරිදි විභාගයට පෙනී සිටි අතර එසේ නොවුණේ නම් විභාගය පැවැත්වීමට ද නොහැකි තත්වයක් උදා වී තිබිණි.

(දිලංක ගුණතිලක – යුද හමුදා මාධ්‍ය ඒකකය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!