spot_img
spot_imgspot_img

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

පුවත්

විදෙස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමන කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයෙන් නියෝගයක් දී තිබේ.

ඒ අනුව චෛත්‍ය පාර, ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යෝර්ක් වීදිය දක්වා බැංකු මාවත, පහළ චැතැම් වීදිය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසළ හන්දියේ සිට ප්‍රධානන මාවත හා ලේඩියන් බැස්ටියන් මාවත දක්වා, මුදලිගේ මාවත, රෝහල් වීදිය යන මාර්ගවලට එම පාගමන අද (19) දිනයේ ඇතුළු නොවිය යුතුයැයි එම නියෝගයේ සඳහන් වෙයි.

මීට අමතරව කොළඹ පොලිස් වසමේ රාජ්‍ය ආයතන, නිල නිවාස හෝ ‍වෙනත් කිසිදු පොදු දේපළකට හානි කිරීම ආදී කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොකළ යුතු බව ද නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!