spot_img
spot_imgspot_img

නීතිපති විසින් පොලිසියට යැවූ ලේඛනයේ සඳහන් නම් මෙන්න

පුවත්

විදෙස්

කොල්ලුපිටියේ මයිනාගෝ ගමට සහ ගාලුමුවදොර ගෝඨාගෝ ගම සාමකාමී උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කළ බවට තහවුරු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්ත‍මේන්තුව පිටු තුනකින් යුතු ලිපියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

එම ලිපියේ සඳහන් වන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ සීමිත සමකාලීන වීඩියෝ දර්ශන සහ ඡායාරූප මත එම සිද්ධියට සම්බන්ධ පහත සඳහන් පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන ඇති බවයි.

එහි මෙසේ ද දැක්වෙයි.

“සෘජු, වක්‍ර හා සමකාලීන තාක්ෂණික දත්ත භාවිතා කර බී වාර්තාවේ සහ වැඩිදුර වාර්තාවේ සඳහන් අපරාධමය වැරදි එකකට හෝ වැඩි ගණනකට මේ පුද්ගලයන් සම්බන්ධ යැයි සාධාරණ සැකයක් මතුවනවා දැයි තහවරු කරගන්න. මොවුන් අපරාධ වැරදිවලට සම්බන්ධ යැයි සාධාරණ සැකයක් මතුවේනම් අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. මෙම පිරිසට අමතරව ගුවන් ගමන් තහනම් පැනවූ සෙසු පිරිස හෝ වෙනත් පිරිස් සම්බන්ධයෙන් ද සාක්කි අනාවරණය වන්නේ නම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

නීතිවේදීන් පවසන්නේ නීතිපති දෙපාර්තමේන්තුව මෙවැනි දැනුම් දීමක් කළ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කඩිනමින් කළ යුතු බවයි.

එම ලේඛනයේ සඳහන් නම් පහතින් දක්වා ඇත.

1) නාලක විජේසිංහ නොහොත් සතා

2) පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක

3) බන්දුල ජයමාන්න

4) දිනෙත් ගීතක

5) සමන්ලාල් ප්‍රනාන්දු

6) පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත

7) ඒ වසන්ත

8) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

9) දෙහිවල නගර සභාවේ සුදේශ්

10) අමල් සිල්වා

11) සමීර චතුරංග ආරියරත්න

12) රුවන්වැල්ල රමනි

13) තුසිත රණබාහු

14) සජිත් සාරංග

15) මහින්ද කහදගම

16) ඩෑන් ප්‍රියසාද්

17) පුෂ්පලාල් කුමාරසිංහ

18) පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

19) පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු

20) නිශාන්ත මෙන්ඩිස්

21) හිටපු හමුදා සාමාජික පුෂ්පකුමාර

22) ශවින් ප්‍රනාන්දු

මෙම දැනුම් දීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කුලරත්න වෙත යවා ඇත්තේ අද (16) පෙරවරුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!