spot_img
spot_imgspot_img

ආණ්ඩුවේ පුරාජේරු පුස්සක් වෙයි. 05 දා සිට විදුලිය කැපෙන වේලාවන් මෙන්න

පුවත්

විදෙස්

සෙනසුරාදා (05) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව රජයේ බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළ ද සෙනසුරාදා (05) සහ ඉරිදා (06) දින දෙකෙහි විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයේන මහජන උපයෝගීතා කොමිසම දැනුම් දීමක් කර තිබේ.

ඒ අනුව හෙට දිනයේදී P,Q,R,S,T,U,V, W යන කාණ්ඩ සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා වන කාල සීමාවේදී පැය 03ක් ද, සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

මිට අමතරව E සහ F යන කාණ්ඩ දෙක සඳහා හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් ද, නැවතත් සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03ක කාලයක් විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට අවසර ලබාදී ඇත.

එළඹෙන ඉරිදා දිනයේදී පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලය තුලදී A,B සහ C යන කාණ්ඩ සඳහා පමණක් පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් සඳහා විදුලි සැපයුම අත්හිටුවීමට යෝජනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!