spot_img
spot_imgspot_img

හොර බෙහෙතක් විකුණමින් ජනතාව නොමග යැවූ, කරාපිටියේ දොස්තරගේ වැඩ තහනම්

පුවත්

විදෙස්

කරාපිටියේ කොරෝනා කරල නමින් ප්‍රසිද්ධියට පත්වූ නීති විරෝධී ඖෂධයක් සාදා අළෙවි කළ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

කිසිදු පර්යේෂණ ක්‍රමවේදයකින් තොරව, උම්බලකඩ සම්බල් සහ තුනපහ වර්ග සාදා විකිණීමට ලබාදුන් තත්ව සහතිකයක් භාවිතා කරමින් අළුත්ගම ප්‍රදේශයේ ඇඹරුම්හළක දී නිපදවූ මෙම ඖෂධය සායනික පරීක්ෂණයකට හෝ යොමුකර තිබුණේ නැත.

මෙම ඖෂධය ප්‍රචලිත කිරීම සඳහා වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විවිධ මාධ්‍ය ඔස්සේ වරින් වර සම්මුඛ සාකච්ඡා පවත්වමින් කොරෝනා මරණ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් සිදුකළ අතර ඔහුගේ ඖෂධය හේතුවෙන් කොරෝනා මරණ සංඛ්‍යාව අඩුවූ බව ද කියා සිටියේය. මේ අතර එන්නත් නොගන්නා ලෙසත් තමන් නිපදවූ බව කියන ඖෂධය ගන්නා ලෙසත් ඔහු ප්‍රචාරය කර තිබිණි.

ඔහු විසින් එවැනි ව්‍යාජ තොරතුරු සඳහන් කර තිබූ යූටියුබ් නාලිකා කිහිපයක දර්ශන ඉවත්කිරීමට ද යූටියුබ් සමාගම කටයුතු කර තිබිණි.

ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැවැත්වූ විනය පරීක්ෂණවලින් පසු උදාර සම්පත් ගුණවර්ධනගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයෙන් විමසූ විට කියා සිටියේ අද (22) ඔහුගේ වැඩ තහනම් කිරීම සම්බන්ධ ලිපිය කාර්යාලයට ලැබී තිබුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!