උඩරට වංශවත් පවුලක උපතලැබූ අරෝෂා මැදිවිය ද පසුකරමින් සිටින්නීය. සිංහල රාජධානි සමයේ රජුට සේවය කළ පවුලකින් පැවත එන ඇය තම පවුලේ ගරුත්වය රැකීමට නිරන්තරවම වෙහෙසවූවාය. දරුවන්ට ද කීවේ තම සීයාගේත් මුත්තලාගේත් ගෞරවය පන සේ සුරැකිය යුතු බවයි.
කෑගල්ලේ වලව්වකින් ආ යෝජනාවක් අනුව විවාහ වූ අරෝෂා ඇගේ සැමියා සමග ගොඩනැගූ නව නිවස ද පැරණි වලව්වක සිරි ගත්තේය. එහි පදිංචි වූ මේ යුවළට දරුවන් තිදෙනෙකි. හොදින් ඉගෙනුම ලැබූ දරුවෝ විදේශ ගතව ආචාර්ය උපාධි හදාරද්දී මවත් පියාත් බණ භාවනා කරමින් ජීවත් වන්නට පුරුදු වූහ.
“උඹ හිතුව ද මම මානසික ලෙඩෙක් කියලා. අපේ පරම්පරාවේ පිස්සො නැහැ. ඒවා අපිට හැදෙන ලෙඩ නෙවෙයි. මගේ දෑහට නොපෙනී පලයන් යන්න. මට පිස්සු කියන්න ආව මෙතන. ’’
නිතර නිතර නිවසට ආගිය කාන්තාවකට අරෝෂා බැණ වැදුනේ නිවසේ සැමට ඇසෙන ආකාරයෙනි. ඒ සමගම නිවාඩුවට ලංකාවට පැමිණ සිට අරෝෂාගේ බාලම දියණිය සහ ඇගේ සැමියා ද මුළුතැන්ගෙට දිව ආහ.
“මොක ද මේ……. මේ මනුස්සයට බණින්නේ…….’’
අරෝෂාගේ සැමියා ඇසුවාය.
“මේ ගෑනි කියනවා මගේ ලෙඬේට මනෝ වෛiවරයෙක් හමුවෙන්න කියලා. ඒ ගෑනි හිතාගෙන ඉන්නේ මට පිස්සු කියලා. ’’
“අනේ නෑ මහත්තයෝ මනෝ විද්‍යාව ගැන ලිපි මම කියවනවා. මම ඒ නිසා මැණිකෙට කිව්වා මේ බෙල්ලෙ වේදනාවට මනෝ වෛද්‍යවරයකු හමුවුනානම් හොඳයි නේද කියලා. ඒ සැරේ තමයි මට බණින්න පටන් ගත්තේ. ’’
“මොකක් ද අම්මගේ ප‍්‍රශ්නේ. අපි නිකම්වත් දන්නෙ නැහැනේ. ’’
පුතා එසේ අසද්දී මව හඬමින් කාමරයට වැදී දොර වසා ගත්තාය. කොතෙක් කතා කළ ද ඇය යළි පැමිණියේ පුතුට බඩගිනි වී ඇතැයි සිතා රාත්‍රී කෑම මේසය පිළියෙල කිරීමේ අපේක්ෂාවෙනි.
ඒ වනවිට පුතු රොමේෂ් තම පියාගෙන් සියල්ල අසාගෙන තිබිණි.
අරෝෂා මැණිකේ මහත් ගෞරවයෙන් සැළකූ මාමා කෙනෙකු ජීවත් වූයේ ඇගේ මවගේ මහ ගෙදරය. ඒ නිවස නඩත්තු කරමින් පරම්පරාවේ සියළු උරුමයන් ආරක්ෂා කරමින් සිටි මේ මාමා ඇගේ කුඩා කාලයේ සිටම වීරයා බවට පත්ව සිටියේය.
මේ මාමා හදිසියේම රෝගාතුර වීම ඇයට ඉවසුම් නොදෙන්නක් විය. ඔහුගේ රෝගයට හේතුව පිළිකාවක් බව දැනගත් ඇය එයින් වඩාත් වික්ෂිප්ත වූවාය.
මාමාගේ පිළිකාව ගෙලෙහි පිහිටා තිබිණි. වෛද්‍යවරුන් කියා සිටියේ පිළිකාව ඉවත් කළ හැකි වුව ද වයස සමග සළකා බැලීමේ දී එය එතරම් සාර්ථක ප‍්‍රතිකර්මයක් නොවිය හැකි බවයි.
කෙසේ වෙතත් ශල්‍යකර්මයකට භාජනය කළ මාමා බලන්නට අරෝෂා මැණිකේ ගියාය. මාමාට සේලයින් ලබාදෙමින් තිබූ අතර ඔහුගේ නාසයෙන් බටයක් දමා තිබිණි. මේ දර්ශනය දුටු ඇය වික්ෂිප්ත වූවාය. දැඩි තැතිගැන්මක් පෙන්වූ අරෝෂා තම මාමාට අත්ව ඇති ඉරණම ගැන බොහෝ සෙයින් කණගාටුවූවාය. දිනපතාම මාමා බැලීමට ගිය ද අරෝෂා මේ දර්ශනය දකින්නට කිසිසේත්ම කැමති වූයේ නැත.
සති කිහිපයකින් පසු අරෝෂා හ`ඩා වැලපෙද්දී මාමා මේ ලෝකය හැරපියා ගියේය. තම මවගේ සොහොයුරාට අසීමිතව ආදරය කළ අරෝෂා අවමංගල්‍ය කටයුතු පැවැත්වෙන දින කිහිපයේ වරින් වර ක්ලාන්ත වූවාය. ඒ සෑම වේලාවකම ඇගේ මුවින් පිටවූයේ
“අනේ මගේ මාමාට සසරේ කවදාවත් මේ වගේ දුකක් නම් ඇතිවෙන්න එපා යනුවෙනි. ’’
මරණයේ කටයුතු අවසන් වී දින සති මාස කිහිපයක් ගතවී ගියේය. දැන් අරෝෂාගේ දරුවන් තිදෙනා රටවල් දෙකක වැඩිදුර අධ්‍යාපනය සඳහා නික්ම ගොස් තිබේ. තම සැමියා සමග නිවසට වී වතු පිිටිවල වැඩකටයුතු සිදුකරන අරෝෂා ගෙවන්නේ පාළුව මුසුවූ ජීවිතයකි. මේ සෑම අවස්ථාවකදීම ඇගේ සිතට නැගෙන්නේ මාමා අවසන් හුස්ම පොද හෙළන තුරු වි`දි දුක්ගැහැට සමූහයයි.
“මගේ උගුර නිකන් බල්ලො කාලා වගේ. උණ හැදෙන්න ද දන්නේ නැහැ. ඒත් මට බයයි වෙන මොකක් හරි දෙයක් උගුරේ හැදිලද කියලා. ’’ ඇය තම සැමියාට කීවාය.
දින කිහිපයක් ම මේ බව ඇය කීවෙන් ළ`ගම සිටින වෛද්‍යවරයා හමුවීමට ඔවුහු තීරණය කළහ. වෛද්‍යවරයා කියා සිටියේ උගුරේ ආසාදනයක් නොමැති බවයි. වේදනා නාශක කිහිපයකින් සැනසෙන්නට ඇයට සිදුවිය.
දින කිහිපයක් ගෙවී යද්දී ඇය නැවතත් උගුර රිදෙන බව කීවාය. එවර වෙනත් වෛද්‍යවරයකු හමුවුව ද පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැත. ටිකෙන් ටික උගුරේ රිදුම වැඩි දියුණු වෙමින් තිබිණි. මේ අතර අරෝෂා මැණිකේ දැඩි පීඩාවකින් පෙළෙන්නට වූවාය.
වෙනදා තම සැමියා සමග උරණ නොවන ඇය විටින් විට ඔහු සමග ද දබර ඇති කැර ගත්තාය. ඇතැම් දින වලදී නොනිදාම රැය පහන් කරන්නේ උගුරේ වේදනාව ඒ තරමටම ඇයට පීඩාවක් ගෙන දෙන බැවිනි.
උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් සොයා ගිය ද රෝගී තත්ත්වය හදුනා ගැනීමට කිසිවෙකුත් සමත් වූයේ නැත. ඇතැම් අවස්ථාවලදී තමන්ට උගුරේ වේදනාව දරා ගත නොහැකි බව පවසන අරෝෂා මැණිකේ මහත්මිය තමන්ට සියදිවි නසාගන්නට සිතෙන බව ද සැමියා සමග කියා තිබිණි.
වේදනාවත් සමගම ඇඟ වෙව්ලා යන ඇය විටෙක දහඩිය දමා බිම වැතිරේ. අරෝෂා මැණිකේ සිතන්නේ තම උගුරේ ද පිළිකාවක් හෝ ගෙඩියක් සෑදී ඇති බවයි.
රූපවාහිනියේ වෛද්‍ය ප‍්‍රතිකාර පිළිබඳ දැනුම්වත් කරන වැඩසටහන් හි පිළිකා යන වචනය ඇගේ සවනට වැටුණහොත් එයට බය වන ඇය යළිත් පැය ගණනකට රූපවාහිනිය දෙස බලන්නේ නැත. පුවත් පතක හෝ පිළිකා රෝගීන් ගැන තිබෙන කිසිදු දෙයක් ඇය කියවන්නේ නැත.
තමන්ට පිළිකාවක් සෑදී ඇතැයි ඇගේ මතය වෛද්‍යවරුන්ට පැවසීමත් සමගම ඒ ගැන සොයන්නට වෛiවරු පරීක්ෂණ පැවැත්වූහ. නමුත් ඒ සියල්ලෙන්ම කියැවුණේ අරෝෂා ඉතාමත්ම නිරෝගීව සිටින බවයි. එහෙත් ඇය මේ ප‍්‍රතිඵලය ප‍්‍රතික්ෂේප කරයි. ඇගේ මතය වන්නේ තම උගුරේ යමක් සෑදී ඇති බවයි.
පියා තම අම්මා ගැන කියූ මේ සම්පූර්ණ කතාව ඇසූ අරෝෂාගේ බාලම පුත‍්‍රයා නින්දට යාමට පෙර සිය පියා හමුවූවේය.
“තාත්තේ, අර මනුස්සයා කියපු කතාව ඇත්ත වෙන්න පුළුවන්. අපි අම්මව මානසික වෛද්‍යරයකුට පෙන්වමු ’’
“කොහොමද එක්කගෙනන යන්නේ. ’’
“මම කැමතිකරව ගන්නම් ’’
තම අයියාගේ මිතුරු වෛද්‍යවරයකු හමුවීමට ගාල්ලට යා යුතු බවත් එම වෛද්‍යවරයා උගුරේ ඇති රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් ඇත්තෙකු බවත් පවසා ඔහු හමුවීමට අම්මා කැමතිකරවා ගැනීමට බාලම පුතු සමත් වූවේය.
කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්ට කල්වේලා ඇතිවම දුරකථනයෙන් සම්බන්ධ කැරගැනීමෙන් පසු වෙන්කරගත් නිශ්චිත වේලාවක දී සොහොයුරාගේ මිතුරකු ලෙස මනෝ වෛද්‍යවරයා හමුවට මව රැගෙන යාම පොඩි පුතුගේ බලාපොරොත්තුව වී තිබිණි.
ඔහුගේ සැළසුම සාර්ථක විය. විශේෂඥ මනෝ වෛද්‍ය රූබන් මහතා හමුවීමට හැකියාව ලැබිණි. වැඩිමහල් පුතාගේ පාසල් මිතුරකු ලෙස පෙනී සිටි වෛද්‍යවරයා මව සමග කරන ලද සාකච්ඡාවෙන් පහසුවෙන් ම ඇගේ තත්වය අවබෝධ කැර ගැනීමට ඔහු සමත්වූවේය.
ඒ පිළිබඳ වෛද්‍ය රූබන් මහතා කීවේය.
මේ අම්මා තම මාමාට දැඩි ආදරයක් දැක්වූවා. මාමා මිය යන්නට පෙර බට දමා තිබූ ආකාර ඇයට විශාල වේදනාවක්. ඒ නිසා ඇය නිතර නිතර මේ ගැන සිතුවා. ඒ වගේම ඇයට විශාල බයක් තිබුණා තමන්ටත් මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වේවි කියලා. මාමාගේ පිළිකාව තිබුණේ උගුරේ. ඒ නිසා ඇයටත් හිතුනා තමන්ගේ උගුරේත් යම් දෙයක් හැදේවි කියා. ඇත්තටම එවැන්නක් හැදුනේ නැහැ. නමුත් ඇය මානසිකව රෝග පිළිබඳ භ‍්‍රාන්තියට පත්ව සිටියා. ඒ නිසා ඇයට දැණුනා ඇගේ උගුරේ යමක් සෑදී ඇති ආකාරය. මෙය සැබැවින්ම නොතිබූ රෝග තත්ත්වයක් නිසා කිසිදු වෛද්‍ය පර්යේෂණයකින් සොයා ගත නොහැකි වුනා.
වෛද්‍ය රූමි රූබන් ඇයට ඖෂධ නියම කළේය. තමන් සාකච්ඡා කළේ මනෝ වෛද්‍යවරයකු සම`ග යැයි නොදත් ඇය තම උගුරේ තිබූ අපහසුතාව ඉවත්කරදෙන මෙන් ඉල්ලා සිටියාය.
“මේ තත්ත්වය ඖෂධ ප‍්‍රතිකාරවලින් මගහරවාගත හැකි වුනත් ඇයට මනෝ විද්‍යාත්මක සායනික ප‍්‍රතිකාරත් අවශ්‍ය වනවා. විශේෂයෙන්ම ඇය ගෙලෙහි පිළිකා වලට දක්වන බය නැති කළ යුතුයි. ඒ නිසා අපි ටික කාලයක් මේ ආකාරයෙන් ප‍්‍රතිකාර කරන්න සිදුවනවා.”
වෛද්‍යවරයා පවසන්නේ ඇය මේ වනවිට සුවය ලබා සිටින බවයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකස්කරන ලදී.