spot_img
spot_imgspot_img

රැකියාවට, පාපැදියෙන් එන්න යැයි රජය කියයි

පුවත්

විදෙස්

පාපැදියෙන් ගමන් කිරීම කෙරෙහි රටේ ජනතාව උනන්දුකිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාක් සකසා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වායු දූෂණය අවම කිරීම සහ තවත් හේතු කිහිපයක් නිසා මෙවැනි තීරණයක් ගත් බව හෙතෙම පවසයි. ඒ අනුව සෑම මාර්ගයක ම පාපැදිවලින් ගමන් කිරීම සඳහා වෙනම මන්තීරුවක් වෙන්කරන බවත් අමාත්‍යවරයා කීවේය.

එහි මූලික පියවරක් ලෙස පාපැදිවලින් රාජකාරී සඳහා පැමි‍ණීමට පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සේවකයන් යොමු කිරිමේ නියාමන වැඩසටහනක් ද ආරම්භකරන බව හෙතෙම පවසයි.

“අපි කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා වාහන තදබදය ඇති අවස්ථාවක ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝ මීටරයක් වෙනුවෙන් රුපියල් 103.56ක මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බව. ඒ නිසා වාහන තදබදය අවම කිරීමට, වායු දූෂණය අවම කරගැනීමට වගේම කාලය අපතේ යාම වළක්වාගැනීමට අපි පාපැදියෙන් රැකියාවට පැමිණීම ප්‍රවර්ධනය කරන්න කටයුතු කරනවා. ඒ වගේ ම මෙමගින් බෝ නොවන රෝග රැසක් පාලනය කරගැනීමට හැකියාව තිබෙනවා.”

අමාත්‍යවරයා පවසන්නේ පාපැදි භාවිතය මගින් කිලෝ මීටරයකට රුපියල් 236.00ක් ඉතිරි කරගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බයයි. එබැවින් මේ සඳහා රාජ්‍ය හා පුද්ගලික ආයතනවල සහයෝගය ද ලබාගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!