spot_img
spot_imgspot_img

පුද්ගලික විදුලි බලාගාරයක් අක්‍රියවෙයි. විදුලි අර්බුදය දරුණු වෙයි

පුවත්

විදෙස්

Sojitz පුද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර තිබීම හේතුවෙන් මෙගාවොට් 160ක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය පවසන්නේ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් එය අක්‍රියකර ඇති බවයි.

‍විදුලි අර්බුදයක් පවතිද්දී මෙලෙස බලාගාර අක්‍රිය කිරීමට ඉඩ දිය නොහැකියැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි.

හෙට (27) දිනය දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයීම ප්‍රමාණවත්ව ඇති බැවින් හෙට දිනය දක්වා විදුලිය විසන්ධි නොකරන බවත් ඉන් පසු ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් සොයා බලා තීරණයක් ගන්නා බව ද මහජන උපයෝගීතා කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!