spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යයි

පුවත්

විදෙස්

කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත නව ආසාදිතයන් 160ක් ශ්‍රී ලංකාවෙන් හදුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

මේ අනුව එම ඒකකය විසින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 205ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට වාර්තා වූ පළමු ඔමික්‍රෝන් ආසාදිතය පසුගිය දෙසැම්බර් 03 වැනි දා දකුණු අප්‍රිකානු රටකින් මෙරටට පැමිණ සිටිය දී සොයා ගැණිනි.

නව ප්‍රභේදය කෙතරම් භයානකද යන්න විද්‍යාඥයන් තවමත් පසුවන්නේ අවිනිශ්චිත තත්වයකිනි. කෙසේ වෙතත්, මුල් දත්ත අනුව තවමත් විශ්වාස කරන්නේ එය එන්නත් වලට වඩාත් ප්‍රතිරෝධී විය හැකි අතර ම ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් සම්ප්‍රේෂණය වවන බවයි.

විදේශීය මාධ්‍යවලට අනුව, Omicron ආසාදිතයන්ගෙන් 8%ක ප්‍රමාණයක් ආසාදිත බව තහවුරු කරනෙ පළමු දින 14 ක් ඇතුළත අසාධ්‍ය තත්වයට පත්ව රෝහලගත කිරීම හෝ මියයාම සිදුව ඇත. නමුත් මීට පෙර පැතිරගිය පළමු කොරෝනා රැළි තුනේ දී ම එම ප්‍රතිශතයක ඊට වඩා දෙගුණයක් ද ඉක්මවා 16.5% ලෙස සටහන්ව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!