spot_img
spot_imgspot_img

කොරෝනා මාරාන්තික කරන මිනිස් ජානයක් සොයා ගනී

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වූ පසු මියයාමේ අවදානම වැඩකිරීමට හේතුවන ජානයක් සොයාගත් බව පෝලන්ත විද්‍යාඥයෝ පිරිසක් පවසති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම ජානය සහිත පුද්ගලයන් හඳුනාගෙන එන්නත් සඳහා දිරිගැන්වීමක් කළ යුතු බවයි. මේ වනවිට සිදුකර ඇති පර්යේෂණ අනුව යුරෝපයේ ජනගහනයෙන් 8%-9%ත් පමණ පිරිසකගේ එම ජානය පවතී. එමෙන්ම පෝලන්තයේ 14%ක ජනතාවක් තුළ එම ජානය ඇති අතර ඉන්දියානුවන්ගේ එම ජානය ඇති ප්‍රමාණය ජනගහණයෙන් 27%කි.

වෝර්සෝහි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2022 ජුනි මාසය අවසන් වනවිට කොරෝනා ආසාදනය සඳහා පරීක්ෂා කිරිමට ජාන පරීක්ෂණ ඇතුළත් කිරී‍මට සැළසුම් කරන බවයි.

වයස, බර සහ ස්ත්‍රී පුරුෂ භාවයෙන් පසු රෝගය බරපතලකම තීරණය කරන සිව්වන වැදගත්ම සාධකය ලෙස මෙම ජානය භාවිතා වේ.

මෙම අධ්‍යයනය සිදුකළ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය මාර්චින් මොනියුස්කෝ පවසන්නේ “ආසාදනයක දී දරුණු රෝගී තත්වයකට ගොදුරුවීමේ අවදානමක් ඇති පුද්ගලයන් ආසාදනය වර්ධනය වීමට පෙර පවා වඩා හොඳින් හඳුනාගැනීම සඳහා මෙය උපකාරීවනු ඇති” යනුවෙනි. ඔවුන් පෝලන්ත ජාතිකයන් 1500කට වැඩි පිරිසකගේ දත්ත සමාලෝචනය කර ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් යුරෝපයේ අතිරික්ත මරණ සංඛ්‍යාව 20%ක් දක්වා වැඩි වී ඇත. එය යුරෝපයේ සිදුවූ ඉතාමත් දරුණ තත්වයකි. එන්නත් ලබාගැනීමට ජනතාව සැකයෙන් පසුවීම මෙයට බරපතල හේතුවක් ලෙස ද හඳුනාගෙන ඇත.

https://www.bloomberg.com/news/articles/2022-01-14/gene-linked-to-severe-covid-to-provide-clues-for-those-at-risk#:~:text=Polish%20scientists%20have%20discovered%20a,even%20dying%20from%20Covid%2D19.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!