“සුරාසැල් වසා දමන්න” යැයි GMOA ඉල්ලයි

0
159

කොරෝනා වසංගතය තවදුරටත ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සුරාසැල් වසා දැමීම ඇතුළු යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සොනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා දිනකට සිදුකරන පීසීආර පරීක්ෂණ සංඛ්‍යාව 10,000ක් දක්වා වැඩිකළ යුතු බව ද එම සංගමය පවසයි.

ආසාදිතයන් යැයි හඳුනාගන්නා රෝගීන් බහුතරයක් රෝග ලක්ෂණ නොපෙන්වන හා බරපතල රෝගී තත්ත්වයක් නොපෙන්වන බැවින් රෝහල්වල ඉඩ පහසුකම් ද රැකගැනීම සඳහා ඔවුන් විවිධ ප්‍රදේශවල පිහිටුවන ආරක්ෂිත කලාප වෙත යොමු කරන ලෙස ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.

තව ද නිරෝධායන කාර්යය ද මේ වනවිට ගැටලුවක් වෙමින් පවතින බැවින් ආයතනික නිරෝධායනයට පරිබාහිරව ආරක්ෂිත ස්වයං නිරෝධායනයට ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් යොමු කරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටියි.

කොරෝනා වසංගතය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම් දී ඇති බැවින් වසංගත රෝග විද්‍යා ඒකකය තවමත් කොරෝනා වසංගතය සමාජගත වී නැතැයි යන්න පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කළ යුතු බව ද එම සංගමය පෙන්වා දී ඇත. කොරෝනා මර්ධනය සඳහා පළමු අදියරවල දී එක්ව කටයුතු කළ කණ්ඩායම්වලින් පරිබාහිරව කටයුතු කරගෙන යන බැවින් සමාජගතවීම යන්න අර්ථකථනය කිරීමට අනිකුත් පාර්ශවයන්ට හැකියාවක් නොමැති බැවින් ඒ් පිළිබඳ දත්ත උපයෝගී කරගනිමින් නිවැරදි විද්‍යානුකූල අර්ථකථනයක් කරන ලෙස ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත්කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here