spot_img
spot_imgspot_img

එළවළු හිග වෙයි. මිල වැඩිවෙයි

පුවත්

විදෙස්

ආර්ථික මධ්‍යස්ථානව වෙත ලැබෙන එළවළු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බව තො‍ඟ වෙළෙඳුන් පවසයි.

දඹුල්ල, කැප්පෙපටිපොළ, මීගොඩ, තඹුත්තේගම, නුවරඑළිය, මැනි වෙළෙඳ පොළ හා පෑළි‍යගොඩ ආර්ථික මධයස්ථාන වෙත ලැබෙන එළවළු තොග වෙනත් දිනවලට වඩා 60%කින් පමණ අඩුවී ඇතැයි ඔවුහු කියති.

බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 500 ත් 550 ත් අතර අධික මිලකට අළෙවි වන අතර කැරට් කිලෝග්‍රෑමයක් රුපියල් 250 ක් සහ මාලු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 450 කට වැනි මිලකට අළෙවි විය.  

කරවිල කිලෝග්‍රෑමයක මිල වන්නේ රුපියල් 400 කි. වැටකොළු කිලෝග්‍රෑමයක් රුපියල් 280 ත් 300 ත් අතර මිලකටත් වම්බටු කිලෝග්‍රෑමයක් රුපියල් 220 ත් 230 ත් අතර මිලකටත් අළෙවි වූ බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන් පවසයි.

අමුමිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 400 ක මිලකටත් දෙහි කිලෝග්‍රෑමයක් රුපියල් 500 ක මිලකටත් .අළෙවි කෙරිණි.

වෙළෙඳුන් පවසන්නේ පොහොර හිඟය සහ අයහපත් කාලගුණය මේ එළවළු හිඟය සඳහා බලපා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!