spot_img
spot_imgspot_img

පොලිසියට ගලවන්න බැරි වූ කැලියල්පිටිය පන්සලේ යකඩ කට rata.lk අනාවරණයෙන් පසු ගැලවෙයි

පුවත්

විදෙස්

දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර අද (22) ගලවා ඉවත්කර තිබේ.

මෙම ශබ්ද විකාශන යන්ත්‍රවලින් පීඩාවට පත්ව සිටි නාලක මිහිර බණ්ඩාර විසින් වසර තුනක කාලයක් පුරා පොලිසියට වරින් වර පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නැත.

නාලක මිහිර බණ්ඩාර තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස “ශබ්ද දූෂණට එරෙහි ජාතික එකමුතුව” නමැති Facebook සමූහයේ කරන ලද ආයාචනයකට අනුව rata.lk සහ එම සමූහය එක්ව කරන ලද අනාවරණයන් හේතුවෙන් අවාසනයේ විහාරාධිපති හිමියන් ලෙස පෙනී සිටින ඇටිපොළ බුද්ධරක්ඛිත නමැති චීවරධාරියාට එම ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට සිදුවිය.

නීත්‍යානුකූල විකාශන බලපත්‍රයක් නොමැතිව මෙවැනි ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර තිබෙන්නේ නම් පොලිසිය කළ යුතුව ඇත්තේ එය ගලවාගෙන ගොස් විකාශ්‍ය කරනු ලබන පුද්ගලයා ද සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීම වුව ද එය මෙතෙක් සිදුව නැත. එමෙන්ම ශබ්ද විකාශනයට එරෙහිව පොලිසියට පැමිණිලි කළැයි කියමින් නාලක මිහිර බණ්ඩාරගේ බිරිඳට හිංසා කිරීමට චීවරධාරියා විසින් ගැමියන් පෙළඹවීම සම්බන්ධයෙන් ද පොලිසිය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද මේ ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් අධිකරණයට ද අපහාස වන ආකාරයේ උපදෙස් ලබා දී තිබිණි. මේ සම්බන්ධයෙන් “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” සංවිධානය විසින් අධිකරණයට ද කරුණු සඳහන් කර ලිපියක් යොමු කර තිබේ.

කෙසේ වෙතත් rata.lk අනාවරණයත් සමඟ ඇතිවූ දැඩි මහජන විරෝධය හේතුවෙන් ඇටිපොළ බුද්ධරක්ඛිත නම් චීවරධාරියාට විහාරස්ථානයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට සිදුවිය.

මෙය “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” නමැති සමාජ මාධ්‍ය සාමූහිකය සහ rata.lk වෙබ් අඩවිය ලැබූ තවත් ජයග්‍රහණයකි.

මේ සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ මීට පෙර පළ වූ ලිපි පහතින්

  1. හාමුදුරුවන්ගේ සද්දෙට බය වූ පොලිසිය නීති නොතකා හරී. හාමුදුරුවෝ ගමට තග දමමින් අපරාධමය වැරදි කරලා
  2. මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් පන්සල්වලට වැරදි උපදෙස් දෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරලා
  3. බෞද්ධ භික්ෂුවක් විවාහක කතකට ගමක් කැඳවා හිංසා කරයි. පොලිසිය සිවුරට බය වෙලා
  4. මල්වත්තේ චීවරධාරියෙක් නීතියට උඩින් යද්දී, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ පොලිසියත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා

7 COMMENTS

  1. එකමුතුකම සහ කැපවීම මත මේ ලොව කල නොහැක්කක් නොමැත යන්නට හොඳම සාධකයකි.අසාධාරණය හමුවේ පෙනී සිටීමට අපේ රටේ සියලුම දෙනාට මේ සිදුවීම හොඳම ශක්තියක් වේවා!

  2. මුස්ලිම් පල්ලි වලින් ගෝෂාකාරී ශබ්ද නැතිකර ගැනීමට බෞද්ධයන් උත්සාහ නොගන්නේ මන්දයි යනු ලොකු ප්‍රශ්නයකි.

Leave a Reply to RENUKA Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!