spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ විජයග්‍රාහී වාර්තා රැසක් පිහිටුවයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ වාර්තා රාශියක් පිහිට වූ අතර ගනුදෙනු 38,383ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,462ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය දිනයේ ගනුදෙනු අතරතුර වසර 36ක කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ඒකක 10,000 සටහන් කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 33කින් ඉහළ ‍ගොස් ඒකක 9,915ක් බවට පත්විය.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 812යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 391යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 334යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 36යි, පීජීපී ග්ලාස් සමාගම කොටස් මිලියන 11යි, කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 09යි ලෙස ප්‍රමුඛ විය.

ශ්‍රී ලංකාවේ සමාගම් මෙතෙක් ලබාගත් වැඩිම වටිනාකම සනිටුහන් කරමින් එක්ස්පෝලංකා සමාගම දිනයේ ගනුදෙනු අවසානියේ රුපියල් බිලියන 408ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ ද රුපියල් බිලියන 309ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද රුපියල් බිලියන 264ක් වාර්තා කළ කමර්ෂල් ලීසිං සමාගම තුන්වැනි ස්ථානයේ ද පසුවිය

සංවෘත කවය තුළ රෝයල් සෙරමික් සමාගම කොටස් 396,000ක් රුපියල් 50.60 බැගින් ද, මෙල්ස්ටා කොප් සමාගම කොටස් 500,000ක් රුපියල් 56.50 බැගින් ද, කාර්ගීල්ස් සමාගම කොටස් 100,000ක් රුපියල් 232.00 බැගින් ද හුවමාරු විය.

වැඩිම පිරිප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර අම්බන් කැපිටල් සමාගම 9.6%කින් ද, හේලීස් ෆැබ්රික් සමාගම 9.4%කින් ද, පීජීපී ග්ලාස් සමාගම 9.2%කින් ද ප්‍රධාන විය.

විදේශීය ආ‍යෝජකයන් විසින් රුපියල් මිලියන 63ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 171ක කෙටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ පමණක් ශුද්ධ ලෙස රුපියල් මිිලයන 108ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

අද දිනය දක්වා මේ වසර තුළ දී විදේශීය ආ‍යෝජකයන් කොළඹ කෙටස් වෙළෙඳ පොළෙන් රුපයල් බිලියන 45.535ක මුදලක් ඉවත් කරගෙන ඇත.

අද දිනයේ දී රුපියල් මිලියන 700ක මූලික කොටස් නිකුතුවක් කළ එක්ස්පැක් විඛාදන කාර්ටල් ලිමිටඩ් සමාගම විවෘත කළ සැණින් අධික ඉල්ලුම හේතුවෙන් සම්පූර්ණයෙන් ම අවසන්කළ හැකිවිය. එම සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇසුරුම් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගම ලෙස හැඳින්වේ. එහි ආදායමෙන් 52%ක් භාණ්ඩ අපනයනයෙන් උපයනු ලැබේ.

කොටස් වෙළෙඳ පොළ දෛනික හැසිරීම නිරීක්ෂණය කිරීමේ දී එක්ස්පෝ ලංකා සමාගම ‍වත්කම් බිලියන 400 ඉක්මවන මෙරට පළමු සමාගම වනු ඇතැයි මුල් වරට මාධ්‍ය හමුවේ අනාවරණය කරන ලද්දේ rata.lk වෙබ් අඩවියයි. එය අද සනාථ විය.

ඒ සම්බන්ධයෙන් ලියූ ලිපිය මෙතැනින්

(වි‍ශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!