spot_img
spot_imgspot_img

අගමැතිගේ යෝජනා ගැන ගුරු විදුහල්පති ස්ථාවරය කුමක් ද ?

පුවත්

විදෙස්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (12) සවස ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුවය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුන කමිටුවේ යෝජනාව පරිදි අදියර තුනකින් වැටුප් වැඩිකිරීමටත් එහි පළමු අදියර 2022 වර්ෂයේ අයවැය තුළින් ඉදිරිපත් කර ඉතිරි කොටස් 2023 දී සහ තුන්වැනි කොටස එම වසරේදීත් ලබාදීමට අගමැතිවරයා යෝජනා කර තිබේ.

අගමැතිවරයා සඳහන් කර ඇත්තේ 2021 අගෝස්තු 09 වැනි දින අමාත්‍ය මණ්ඩලය ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ යෝජනාව ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත්කිරීමටත් අනෙකුත් නිර්දේශ මාස 06ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා ගුරු විදුහල්පති නියෝජිතයන්ට අමතරව බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද එක්ව සිටියහ.

සාකච්ඡාව පැය තුනහමාරක පමණ කාලයක් පැවැත්විණි.

සාකච්ඡාවෙන් අනතුරුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ ගුරු විදුහල්පතිවරු දිගින් දිගටම ඉල්ලා සිටියේ මේ ගැටලුව අදියර 04කින් නොව එක් අදියරකින් විසඳන ලෙස බවයි. අගමැතිවරයා යෝජනා කළ කරුණු සහ සාකච්ඡා කළ කරුණු පුළුල්ව සළකා බලා ගුරු විදුහල්පති සංගම්වල ස්ථාවරය හෙට (13) දිනයේ දැනුම් දෙන බව ද ගුරු සංගම් පවසයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි කියා සිටියේ මුදල් නෑ කියන එක පිළිනොගන්නා බවයි. කොටස් වශයෙන් ලබාදී ම ද ප්‍රතික්ෂේප කරන බවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීන්දුව දැනුම් දෙන බවත් හිමියෝ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!