spot_img
spot_imgspot_img

දෙවැනි කාර්තුවේ විගණන වාර්තා කොටස් වෙළෙඳ පොළ වර්ධනය තල්ලුවක් වෙයි ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 23,975ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,059ක් බවට වාර්තා විය. අද දිනයේ පමණක් සමස්ත ‍කොටස් මිල දර්ශකය ඒකක 8.9කින් පහළ ගිය අතර එය ඒකක 9,640ක බවට පත්විය.

වැඩිම වටිනාකමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 299යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 196යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 126යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 18යි, ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 09යි, සිට්‍රස් වස්කඩුව සමාගම කොටස් මිලියන 05යි ලෙස කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්එන්බී ලීසිං (ඡන්ද බලය රහිත) 33%කින් ද, හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම 19%කින් ද, අමානා තකාෆුල් සමාගම 16%කින් ද ප්‍රධාන විය.

බිලියන 374ක වටිනාකමක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද බිලියන 287ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද බිලියන 202ක් වාර්තා කළ කොමර්ෂල් ලීසිං සමාගම කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර පෙරමුණ ගෙන තිබිණි.

සංවෘත කවය තුළ එක් කොටස් හුවමාරුවක් පමණක් සිදු වූ අතර හැටන් නැෂනල් බැංකුව කොටස් 450,000ක් රුපියල් 149.00 බැගින් හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 16ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 44ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ පමණක් විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 28ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනවලින් ඉවත්කරගෙන ඇත.

2021 වර්ෂයේ අද දිනය දක්වා පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 45.286ක මුදලක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනවලින් ඉවත් කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සිට්‍රස් වස්කඩුව හෝටලය රුපියල් මිලියන 15.9යි, ප්‍රීමා සමාගම රුපියල් මිලියන 7.9යි, ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 3.6යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලින 2.7යි, එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.8යි, ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 1.3යි ලෙස සටහන් විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු සමාගම්වල 2021 වර්ෂයේ දෙවැනි කාර්තුවේ ආදායම් වියදම් වාර්තාවන් මෙම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන්හි නිකුත් කිරීමට නියමිත අතර එම ආදායම් වාර්තාවන්හි ප්‍රතිඵල මත කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත ‍කොටස් මිල දර්ශකය ඉතා ඉක්මණින් ඒකක 10,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

1 COMMENT

  1. TEACHERS DEMANDS ARE HIGHLY RESONABLE. BUT THE HAVE THINK ABOUT INNOCENT STUDENTS START TECHIN WHILE FIGHTING.
    should NOT GO AFTER PERSON LIKE MURUTHTHETTUWE.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!