spot_img
spot_imgspot_img

අනිල් ජාසිංහට ලෝකයේ ලොකු වගකීමක් පැවරෙයි

පුවත්

විදෙස්

එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරීන්ගේ සැසිවාරයේ සභාපති ධූරය පරිසර අමාත්‍යාංශයේ ලෙකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්වූයේය.

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ සැසිවාරයට සමගමාවීම මෙම පරිසර බලධාරීන්ගේ නියෝජිත සමුළුව පැවැත්වෙයි. එහි දී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සභාපති ධූරයට පත්කර තිබේ. ඔහුගේ නිල කාලය වසරකි.

ඒ අනුව ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරීන්ගේ නියෝජිත සමුළුවේ සභාපති වශයෙන් 2022 පෙබරවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ 05 වැනි සමුළුව ට ද ඔහු සහභාගී වීමට නියමිතය.

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර බලධාරීන් මේ සමුළුව නියෝජනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!