spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළෙඳ පොළ අදත් වාර්තා අලුත් කරයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනු දෙනු 40,576ක් සිදු කරමින් දෛනික පිරිවැටමු රුපියල් මිලියන 4,109ක් බවට පත්විය. මෙතෙක් කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා කළ ඉහළම සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා කරමින් අද දිනයේ පමණක් ඒකක 92.8කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ ඒකක 9,62ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 442ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 324ක් හා සම්පත් බැංකුව රුපියල් මිලියන 249ක් වශයෙන් පුමුඛ විය.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එම්බී ලීසිං කොටස් මිලියන 77යි, අමානා බැංකුව කොටස් මිලියන 42යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 30ක් ලෙස කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර නේෂන් ලංකා සමාගම 30%කින් ද, අමානා බැංකුව 25%කින් ද අමානා ලයිෆ් සමාගම 21%කින් ද කොටස් මිල ඉහළ යනු දක්නට ලැබිණි.

රුපියල් බිලියන 370ක වත්කම්වලට හිමිකම් කියන එක්ස්පෝ ලංකා සමාගම අද දිනයේත් මෙරට වටිනාම සමාගම් අතර පළමු ස්ථානයට ද බිලියන 291ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, බිලියන 200ක් වාර්තා කළ ජෝන් කීල්ස් සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් ලෙස ඒසීඑල් සමාගමේ කොටස් මිලියනයක් රුපියල් 45.00 බැගින් ද, ඩයලෝග් සමාගමේ කොටස් මිලියන 1.9ක් රුපියල් 10.80 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 34ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 135ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී ශුද්ධ ලෙස විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 101ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

අද දිනය දක්වා 2021 වර්ෂයේ දී පමණක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් බිලියන 45.056ක මුදලක් ඉවත්කරගෙන ඇත.

අද දිනයේ ඊබීපීසි සමාගම විසින් රුපියලක ලාභාංශ ප්‍රකාශයට පත්කරන ලදී. සිමෙන්ති කිරිපිටි ගෑස් යනා දී අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමට අදාලව හොට දිනයේ විශේෂ  කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එමගින් අදාල සමාගම්වල කොටස් මිල ඉහළ යාමට එය බලපානු ඇතැයි සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතා ඉක්මණින් ඒකක දස දහසේ සීමාව ඉක්මවනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!