spot_img
spot_imgspot_img

යොහානිට රාජ්‍ය ගෞරව දිය යුතුයැයි පාර්ලිමේන්තුවේ හඬ නැගේ

පුවත්

විදෙස්

“මැණිකේ මගේ හිතේ” ගිතයෙන් ලෝකයේ ම අවධානය දිනාගත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට රාජ්‍ය ගෞරවය හිමිකර දෙන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පාර්ලිමේන්තුවේ දී අද (04) කීවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මතුකළ අදහසකට ප්‍රතිචාර දක්වමිනි.  ඇයට රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසදිු ඇගයීමක් සිදුව නැතැයි විතානගේ මන්ත්‍රීවරයා කීවේය.

එයට පිළලිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය වික්‍රමනායක පවසා සිටියේ යොහානි ද සිල්වා ගායන ශිල්පිනියට රජය ගෞරවය පුදකරන බවයි. ඇයට රාජ්‍ය සම්මානයක්ක ලබාදීමට කටයුතු කරන බවත් සම්මාන දීමට පමණක් සීමා නොවී ජීවිතය පුරා කලා ක්ෂේත්‍රයේ අභිමානයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන පරිදි වැඩසටහනක් ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය වර්ධනය කරගැනීමටත් වෙනත් රාජ්‍යයන් සමඟ සහයෝගීතාව ඇතිකරගැනීමටත් සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික බව ඉතාමත් වැදගත් කාර්යයක් ඉටුකරන බව ප්‍රවීන සිනමාකරුවකු වූ අශෝක හඳගම කීවේය.

ඔහු පවසන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික බව නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නැති බවයි. එසේ වුව ද යොහානි ට මෙතෙක් ශ්‍රී ලංකාවට අහිමි වූ සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සමඟ දිගු ගමනක් යාමට අවස්ථාව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් අප පළ කළ ලිපිය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!